Home » කැබ් රථයක් සැඩ පහරට ගසා ගොස් දෙදෙනෙක් මරුට

කැබ් රථයක් සැඩ පහරට ගසා ගොස් දෙදෙනෙක් මරුට

by yasara
November 6, 2024 9:45 am 0 comment

කොස්ගම  ඇස්වත්ත මානකඩ මාර්ගයේ රඹුකේ වත්ත මාර්ගයේ  තුම්මෝදර ඇල ආසන්නයෙන් එගොඩවීමට ගිය කැබ් රථයක් සැඩ පහරට හසුව ගසාගෙන යාමෙන් එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි කොස්ගම පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ  මානකඩ රමුකේවත්ත  නමැති ඉඩමේ හිමිකරු මෙන්ම කැබ් රථයේ හිමිකරු  බව කියන කිරිබත්ගොඩ අශෝක උයන ප්‍රදේශයේ පදිංචිව සිටි  ලොකු ලියනගේ චන්න කබ්රාල් (69) හා මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කැබ්‍ රථයේ රියදුරු ලෙස කටයුතු කළ බි දසුන් ප්‍රනාන්දු (27) යන පුද්ගලයන්ය.

කොස්ගම ඊයේ (5)  ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මානකඩ රඹුක්කේ වත්තට යන මාර්ගය තුන් මෝදර ඇල ආසන්නයේ ගංවතුර තත්ත්වයක් තිබී ඇති අතර එහි රියදුරු විසින් තවත් පුද්ගලයන් තිදෙනෙකු සමඟ ඇළ හරහා රථය ධාවනය කිරීමේදී කැබ් ජල පහරට හසුව  ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

කැබ් රථයේ සිටි අනෙක් දෙදෙනාගේ   දිවි බේරී ඇත.

එම අවස්ථාවේදී කැබ් රථය මීටර් 50ක්  පමණ ජලයේ ගසාගෙන ගොස් මෙම අනතුර වී ඇත.

මියගිය අයවලුන්ගේ මෘත ශරීර අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT