Thursday, May 8, 2025
Home » සිංග­ප්පූ­රුවේ සිට කෝටි 10ක අයිස් ගෙනා කත රැගෙන යන්න ගුව­න්තො­ටු­ප­ළට පැමිණි අය දැලේ

සිංග­ප්පූ­රුවේ සිට කෝටි 10ක අයිස් ගෙනා කත රැගෙන යන්න ගුව­න්තො­ටු­ප­ළට පැමිණි අය දැලේ

by Gayan Abeykoon
November 7, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

ආහාර ඇසු­රුම් තුළ සඟවා රුපි­යල් කෝටි 10ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 05ක් සිංග­ප්පූ­රුවේ සිට ගුවන් මගින් මෙර­ටට ගෙනා තායි­ලන්ත ජාතික කාන්තාව ගුව­න්තො­ටු­පොළේ සිට පිට­තට රැගෙන යෑමට සූදා­න­මින් සිටි පුද්ග­ල­යකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය විසින් පෙරේදා (05) අත්අ­ඩං­ගු­වට ගනු ලැබු­වේය.

කටු­නා­යක ගුව­න්තො­ටු­පොළේ බැංකු ලොබි­යේදී ඔහු අත්අ­ඩං­ගු­වට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය සඳ­හන් කළේය.

කොට­හේන පොලිස් වසමේ බ්ලූමැ­න්ඩල් මහල් නිවා­ස­වල පදිං­චි­ක­රු­වකු වන සැක­කරු වයස අවු­රුදු 30ක පුද්ග­ල­යෙකි.

මත්ද්‍රව්‍ය තොගය රැගෙන තායි­ලන්ත ජාතික කාන්තාව හරිත මාවත (Green Channel) ඔස්සේ ගුව­න්තො­ටු­පො­ළින් පිටව යමින් සිටි­යදී පසු­ගිය 04 වෙනිදා අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ රේගු නිල­ධා­රීන් විසිනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT