පිරිමි පුද්ගලයකු සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් සංවාද ගොඩනඟාගෙන එම පුද්ගලයාගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ගෙන්වා ගනිමින් ඒවා අන්තර්ජාලයට දමන බවට තර්ජනය කර රුපියල් ලක්ෂ 07ක මුදලක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන 20 හැවිරිදි තරුණයකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (05) අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ල ලැබී ඇත්තේ පසුගිය 04 වැනිදාය.
සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පොලිස් වසමේ කවුන්සිල් ඇවනිව් පෙදෙසේදීය. තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම තරුණයා තවත් මෙවැනි අපරාධ සිදු කර තිබේදැයි කියා විමර්ශන පැවැත්වෙන බව පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය සඳහන් කරයි.