Home » ඇලෝ­සි­යස්ට ඇප
බඩ­ඉ­රිඟු ගනු­දෙ­නුව

ඇලෝ­සි­යස්ට ඇප

by Gayan Abeykoon
November 7, 2024 1:10 am 0 comment

අනු­රා­ධ­පුර අධි­ක­රණ උපාලි ආනන්ද

නොච්චි­යා­ගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පෞද්ග­ලික සමා­ග­මෙන් රුපි­යල් පන්කෝටි විසි­නව ලක්ෂ­යක් වටිනා කැබිලි බඩ­ඉ­රිඟු ලබා­ගෙන මුදල් නොදී වංචා කර සාප­රාධී විශ්වා­සය කඩ කළැයි කියන සිද්ධි­ය­කට අදාළ මෙන්ඩිස් සහ සමා­ගමේ සභා­පති අර්ජුන් ඇලෝ­සි­යස් මහතා රුපි­යල් ලක්ෂ 10ක ශරීර ඇප හත­රක් මත මුදා හැරී­මට අනු­රා­ධ­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සහ අති­රේක දිසා විනි­සුරු නාලක සංජීව ජය­සූ­රිය මහතා නියෝග කළේය.

සැක­ක­රුගේ විදෙස් ගමන් තහ­නම් කළ අධි­ක­ර­ණය, ඇප­ක­රු­වන් පවුලේ ළඟම ඥාතීන් විය යුතු බවට ද ඇප කොන්දේ­සි­යක් පැන­වීය. රජ­යට ගෙවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හැරීමේ චෝද­නා­වට වර­ද­කරු වී වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ සිර­ද­ඬු­වම් විඳි­මින් සිටින අර්ජුන ඇලෝ­සි­යස් මහ­තාව මෙම සිද්ධි­යට අදා­ළව බන්ධ­නා­ගා­රය මඟින් ඊයේ (06) අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබිණි.

යළි 2025 වසරේ පෙබ­ර­වාරි මස 10 වැනි දින අනු­රා­ධ­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කරන ලෙසට ද ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා වැලි­කඩ බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යාට තව­දු­ර­ටත් නියෝග කරනු ලැබීය.

මෙම නඩුව අධි­ක­ර­ණය හමුවේ කැඳවූ අව­ස්ථා­වේදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා සඳ­හන් කළේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සැක­ක­රු­ගෙන් ප්‍ර‍කාශ­යක් පවා නොගෙන අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර තිබීම ගැට­ලු­ස­හ­ගත බවය. එමෙන්ම, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දෝෂ සහිත වැඩි­දුර වාර්තා ඉදි­රි­පත් කර­මින් අධි­ක­රණ නියෝග ඉල්ලා සිටීම වැර­දි­ස­හ­ගත ක්‍රියා­වක් බව ද මහේ­ස්ත්‍රා­ත්ව­රයා එහිදී ප්‍රකාශ කළේය. ඒ අනුව අදාළ දෝෂ සහිත වාර්තා­ව­ලින් ඉල්ලා ඇති ඉල්ලී­ම්ව­ලට නියෝග ලබා නොදෙන බවට සඳ­හන් කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම ඉල්ලීම් ප්‍රති­ක්ෂේප කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT