ජාතික ජන බලවේගයට පාලනය සම්බන්ධයෙන් අත්දැකීම් නැහැ කියා බොහෝ පිරිස් පැවසුවත් අත්දැකීම් තිබූ පිරිස් පාලනය කළ ආකාරය හොඳින්ම දුටු බව මහාචාර්ය සසංක පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ඉදිරි මැතිවරණයේදී ජාතික ජන බලවේග කණ්ඩායමට පාර්ලිමේන්තුවේ සුවිශේෂී බලයක් ලබා දිය යුතු බවත් එසේ නොවුණහොත් සිදු වන්නේ පසුගිය කාලයේ පාලනය කළ පිරිස් නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීම බව ඒ මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ඊයේ (06) පැවැති Òපුනරුදය උදෙසා ජනතා ව්‍යාපාරයÓ විසින් සංවිධාන කරන ලද මාධ්‍ය හමුවට එක් වෙමිනි.
Òපුනරුදය උදෙසා ජනතා ව්‍යාපාරයÓ යනු ඉතිහාසයේ පළමු වරට නිෂ්ප්‍රභූ ජනතාවට බලය හිමිවන මේ තීරණාත්මක මොහොත ආරක්ෂා කර ගනිමින්, එය පදනම් කරගෙන සියලු ක්ෂේත්රයන්හි ඇති කරන පුනරුදයක් හරහා ගැඹුරු සමාජ පරිවර්තනයක් වෙනුවෙන් සිය කැපවීම පළ කරන සිවිල් සමාජ සංවිධාන සාමාජිකයින්, ශාස්ත්රාලීය බුද්ධිමතුන්, කලාකරුවන්, නීතිඥයින් සහ දේශපාලන ක්‍රියාධරයින්ගෙන් සමන්විත සංවිධානයකි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සසංක පෙරේරා මහතා
ශ්‍රී ලංකාවේ තිබෙන පක්ෂ දේශපාලනයට මම ආගන්තුකයෙක්. නමුත් මේ වෙලාවේ ජනාධිපතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික වෙනස්වීමක් සිදු වී තිබෙනවා. ජනාධිපතිවරණයේ දී සිදුවූයේ යටත් විජිත සමයේ සහ පශ්චාත් යටත් විජිත සමයේ සිදු වූ ක්‍රියාදාමය වෙනස් කරන්න ඕන කියලා සලකුණක් ලබාදීමයි. ඒක තමයි ජනාධිපතිවරණ ජයග්‍රහණයේ ප්‍රධාන සලකුණු වන්නේ. දැන් එතනින් එහාට යන්නේ කොහොමද? මම හිතන්නේ වගකීම් සහිත ජනතාවක් හැටියට මේ ජයග්‍රහණය ඉදිරියට ගෙන යන්නේ නැතිනම් සහ එම ජයග්‍රහණය නිවැරදිව ආමන්ත්‍රණය නොකරන්නේ නම් ඒක වගකීම් විරහිත වැඩක් වෙනවා.
නමුත් අපි මේ වෙලාවේ බලන්න ඕන ජනාධිපතිවරණයෙන් පස්සේ ඉතා කෙටි කාලය තුළ සිදුව තිබෙන දේයි. ජාතික ජන බලවේගය ප්‍රතිපත්තිය එක්ක විරසක වෙන්න මට පෞද්ගලික හේතුවක් නැහැ. මේ ඉතාම කෙටි කාලය තුළ කුඩා ආණ්ඩුවක් විදිහට ඔවුන් ගෙනයන වැඩපිළිවෙළ ඉතාම අගය කරනවා. එහෙම නම් අපි බලන්න ඕනේ මේ ප්‍රතිපත්ති සහ පටන් ගත්ත වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා. පාර්ලිමේන්තු පාලනය කරන්න ක්‍රමයක් නැත්නම් ඒක කරන්න බැහැ. මේ නිසා තමයි එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි වගකීම් සහිතව ඡන්දය පාවිච්චි කරන්න ඕන. ඒ නිසා මම ඒ තීරණය අරගෙන අවසානයි.
රටේ ජනතාවත් ඒ තීරණය ගනී කියා මා විශ්වාස කරනවා. අපේ වගකීම ඡන්දයෙන් පස්සේ නිහඬවීම නොවේ. අපේ කණ්ඩායම සහ ඉදිරියේ දී ගොඩනැඟෙන ආණ්ඩුවේ හෘද සාක්ෂිය වෙනුවෙන් මම කතා කරනවා. යම්කිසි බලාපොරොත්තුවක් තියාගෙන ප්‍රතිපත්ති අනුව අපි වැඩ කරනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න අපිට විශ්වාසයක් තිබෙන්න ඕන. එහෙම නැත්තං ඒ සම්බන්ධයෙන් අපි සංවේදී වී වැඩ කරන්න ඕන. නමුත් අපේ මූලික අරමුණ විය යුත්තේ ඉදිරියේ දී බලයට පැමිණෙන ආණ්ඩුවකට විවේචන කරමින් සහාය ලබාදීමයි. බොහෝ අය ප්‍රකාශ කරනවා මේ කට්ටියට පාලනය සම්බන්ධයෙන් අත්දැකීම් නැහැ කියලා.
නමුත් අත්දැකීම් තිබුණ අය පාලනය කළ ආකාරය අපි දැක්කා. අත්දැකීමක් නැත්නම් කරන්න ඕන විශේෂඥ දැනුම තිබෙන අය අරගෙන ක්‍රියාත්මක කිරීමයි. ඒකයි ප්‍රායෝගිකව කරන්න පුළුවන් ලොකුම දේ. අපි උත්සාහ කරන්න ඕන ඉදිරි මැතිවරණයේ දී මේ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ සුවිශේෂී බලයක් ලබා දෙන්න. එහෙම නැත්නම් පසුගිය කාලේ පාලනය කළ අය යළි පාර්ලිමේන්තුවට පැමිණිලා රට ඉදිරියට අරන් යයි කියා විශ්වාස කරනවා නම් ඒක බොරුවක්. නමුත් බලය දුන්නා කියලා ජාතික ජන බලවේගය හිතන්න නරකයි ඒ අය පැමිණ වැඩකරයි කියලා. ඒ සම්බන්ධයෙන් අපි අපේ හෘද සාක්ෂියට එකඟව වැඩ කළයුතු වෙනවා යැයි පැවසීය.
මේ අවස්ථාව සඳහා විවිධ සිවිල් සංවිධානවල සාමාජිකයන්, ශාස්ත්රාලයීය බුද්ධිමතුන්, කලාකරුවන්, නීතිඥයන් සහ දේශපාලන ක්රියාධරයන්ගෙන් සමන්විත පිරිසක්ද එක්ව සිටියහ.
ඡායාරූප – වාසිත පටබැඳිගේ