Thursday, May 8, 2025
Home » සූකර උණ ගැස­ට්ටුව ලිහිල් කරයි

සූකර උණ ගැස­ට්ටුව ලිහිල් කරයි

by Gayan Abeykoon
November 7, 2024 1:00 am 0 comment

අසේල කුරු­ළු­වංශ

අප්‍රි­කානු සූකර උණ රෝගය (African swine fever) ආසා­දිත හෝ අව­දා­නම් ප්‍රදේශ ලෙස මෙරට සියලු ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස නම් කර­මින් සත්ත්ව නිෂ්පා­දන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් හේමාලි කොත­ලා­වල මහ­ත්මිය විසින් නිකුත් කර තිබූ විශේෂ ගැසට් නිවේ­ද­නය ලිහිල් කර­මින් නිරෝගී සතුන් ප්‍රවා­හ­නය සඳහා අව­සර ලබා දෙමින් නව ගැස­ට්ටු­වක් නිකුත් කර තිබේ. නව ගැසට් නිවේ­ද­නය පෙරේදා (05) නිකුත් කර තිබෙන අතර නැවත දෙනුම් දෙන­තුරු එම ගැසට් නිවේ­ද­නය බලා­ත්මක බව සත්ත්ව නිෂ්පා­දන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.

සූකර උණ රෝගය නොවැ­ල­ඳුණු සතුන් සිටින බවට පශු වෛද්‍ය­ව­රුන් තහ­වුරු කළ ගොවි­පො­ළ­වල සිටින සතුන් ප්‍රවා­හ­නය කිරී­ම­ටත් මස් පිණිස ඝාත­නය කිරී­ම­ටත් මේ අනුව අව­සර ලැබෙන බව කොත­ලා­වල මහ­ත්මිය කීවාය. සතුන් හා මස් ප්‍රවා­හ­නය කළ හැකි වන්නේ පශු වෛද්‍ය­ව­ර­යකු විසින් නිකුත් කරනු ලබන සත්ත්ව සෞඛ්‍ය වාර්තා­වක් සමඟ යැයි ද ඇය කීවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT