මොරටුව කටුබැද්ද ස්වරණ ශෛල බිම්බාරාම රජ මහා විහාරස්ථානයේ කඨින පින්කම් මාලාව විහාරාධිපති සමස්ත ලංකා සාමවිනිසුරු ස්වර්ණ ශෛල බිම්බාරාමස්ථ සිරි ගුණරතන පරිවෙනේ කෘත්‍යාධිකාරී පන්නල සෝභිත හිමියන්ගේ අනුශාසනා පරිදි පසුගිය මස 18 වැනිදා ආරම්භ වූ අතර ඉරිදා (10) නිමාවීමට නියමිතය. මේ පින්කමට සමඟාමීව මේ මස 8 වැනිදා දක්වා සෑම දිනකම රාත්‍රී 7.00 ධර්ම දේශනා මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, මේ මස 9 වැනිදා ස්වර් රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකි. අනතුරුව 10 වැනිදා අලුයම 2.00 සිට කඨින මහ පෙරහර වීදී සංචාරය කරන අතර, එදින පෙරවරු 11.00ට කප්රුක් සහිත කඨින වස්ත්‍ර පූජාව සහ සියක් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවකි.එදින සවස ස්වර්ණ ශෛල බිම්බාරාමස්ථ සිරි ගුණරතන පිරිවෙනේ සම්මාන පරිවේනාධිපති මාතර දිසාවේ අධිකරණ සංඝනායක විතාරන්දෙණියේ මනිරතන නාහිමිපාණන් විසින් පවත්වන කඨිනානිශංස ධර්ම දේශනාවෙන් පින්කම් මලාව නිමාවට පත්වේ.