Home » KDU බස් අන­තු­රේදී උප­කාර කළ සැමට ඌව ආණ්ඩු­කා­ර­ව­ර­යා­ගෙන් පැස­සුම් සහ­තික

KDU බස් අන­තු­රේදී උප­කාර කළ සැමට ඌව ආණ්ඩු­කා­ර­ව­ර­යා­ගෙන් පැස­සුම් සහ­තික

by Gayan Abeykoon
November 7, 2024 1:04 am 0 comment

බදුල්ල - නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන, ඌව පළාත් සමූහ - ප්රසන්න පත්මසිරි

බදුල්ල – මහි­යං­ග­ණය මාර්ග­යේදී පසු­ගිය මස 31 වැනි දින විශ්ව­වි­ද්‍යාල සිසු­වි­යන් දෙදෙ­න­කුට මරු කැඳ­ව­මින් තවත් 39 දෙන­කුට බර­ප­තළ තුවාල සිදු කර­මින් බස් අන­තුර සිදු වූ අව­ස්ථාවේ රෝගීන් රෝහල් වෙත ගෙන යෑම, රෝහ­ලේදී ඇප උප­ස්ථාන කිරීම සහ රෝගීන් ඇතුළු ඔවුන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන්ට උදව් උප­කාර කළ ආය­තන හා පුද්ග­ල­යන් අග­ය­මින් ප්‍රශංසා සහ­ති­ක­පත් ලබා දීමට ඌව පළාත් ආණ්ඩු­කාර ජේ .එම්. කපිල ජය­සේ­කර මහතා ඊයේ (6) පිය­වර ගත්තේය.

කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ සූරි­ය­වැව මණ්ඩ­පයේ සිසුන්, කථි­කා­චා­ර්ය­ව­රුන් ඇතුළු පිරි­සක් ගමන් කර­මින් තිබූ බස් රථ­යක් එහිදී අන­තු­රට ලක්ව තිබූ අතර, එම අන­තුර සිදු වූ අව­ස්ථා­වේදී ඒ සඳහා සක්‍රි­යව දාය­ක­ත්වය ලබා දුන් බදුල්ල ශික්ෂණ රෝහල, ඌව වෙල්ලස්ස විශ්ව­වි­ද්‍යා­ලය, සමාජ මාධ්‍ය ක්‍රියා­ක­රු­වන් සහ රෝගීන්ගේ මවු­පි­යන් ඇතුළු ඥතීන්ට නවා­තැන් පහ­සු­කම් ලබා දුන් හෝටල් හිමි­ක­රු­වන් අග­ය­මින් මෙම ප්‍රශංසා  සහ­තික ප්‍රදා­නය කිරීම සිදු විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT