Thursday, May 15, 2025
Home » දේශ­ප්‍රේමී ජන බල­වේ­ගය ගම්පහ සණසේ පැවැත්වූ රැස්වීම නව­ත්වන්න නියෝග

දේශ­ප්‍රේමී ජන බල­වේ­ගය ගම්පහ සණසේ පැවැත්වූ රැස්වීම නව­ත්වන්න නියෝග

by Gayan Abeykoon
November 7, 2024 1:04 am 0 comment

ගම්පහ අති­රේක

මෙවර පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට තරග කරන දේශ­ප්‍රේමී ජන බල­වේ­ගය පක්ෂය මඟින් ඊයේ (6) දහ­වල් ගම්පහ සණස ගොඩ­නැ­ඟිල්ලේ පව­ත්ව­මින් තිබූ රැස්වී­මක් නතර කිරී­මට මැති­ව­රණ දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබේ.

මෙම රැස්වී­මට තැන්පත් මුදල් නොලැ­බීම මත අග­ති­යට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රි­ක්කයේ සණස තැන්ප­ත්ක­රු­වන් පිරි­සක් එක්ව සිටි අතර, මෙම තැන්ප­ත්ක­රු­වන්ට සාධා­ර­ණ­යක් ඉටු­කර දීම තම අපේ­ක්ෂාව බව එම පක්ෂ­යෙන් තරග කරන අපේ­ක්ෂ­ක­යන් කිහි­ප­දෙ­නකු සඳ­හන් කර ඇත. මෙම රැස්වීම පැවැ­ත්වෙන ස්ථාන­යට මැති­ව­රණ දෙපා­ර්ත­මේ­න්තු­වෙහි ගම්පහ නියෝජ්‍ය මැති­ව­රණ කොම­සා­රිස් කාර්යා­ලයේ සහ­කාර තේරීම් භාර නිල­ධා­රි­ව­ර­යකු ඇතුළු නිල­ධා­රින් පිරි­සක් සහ පොලිස් නිල­ධා­රින් පැමිණ මෙවන් රැස්වී­මක් පැවැ­ත්වීම නීති විරෝධී බව ප්‍රකාශ කර­මින් රැස්වීම නතර කරන ලෙසට අපේ­ක්ෂ­ක­යන්ව දැනු­ම්වත් කර තිබිණ. ඒ අනුව රැස්වීම අව­සන් කොට මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් දේශ­ප්‍රේමී ජන බල­වේ­ගය පක්ෂයේ අපේ­ක්ෂක සණස තැන්ප­ත්ක­රු­වන්ගේ සංග­මයේ ලේකම් අජිත් පෙරේරා මහතා සඳ­හන් කර සිටියේ, 2018 වර්ෂයේ සිට ගම්පහ දිස්ත්‍රි­ක්කයේ සණස තැන්ප­ත්ක­රු­වන් ලක්ෂ හත­රක පමණ පිරි­ස­කට රුපි­යල් කෝටි 600ක මුද­ලක් ආපසු නොගෙ­වීම මත තැන්ප­ත්ක­රු­වන් දැඩි පීඩා­ව­කට පත්ව සිටින බවයි. මේ පිළි­බ­ඳව තැන්ප­ත්ක­රු­වන් දැනු­ම්වත් කිරීම නතර කිරීම සම්බ­න්ධ­යෙන් නීති­මය තත්ත්වය සොයා බලන බවද හෙතෙම සඳ­හන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT