Home » ‘අසූර්’ මංගල ගුවන්යානය රුසි­යානු සංචා­ර­ක­යන් රැගෙන කටු­නා­ය­කට

‘අසූර්’ මංගල ගුවන්යානය රුසි­යානු සංචා­ර­ක­යන් රැගෙන කටු­නා­ය­කට

by Gayan Abeykoon
November 7, 2024 1:04 am 0 comment

කටු­නා­යක - ටී.කේ.ජී. කපිල

ලොව පුරා එළැඹ තිබෙන ශීත ඍතුව වෙනු­වෙන් රුසි­යාවේ සිට අසූර් ගුවන් සේවයේ ( Azur Air) මංගල ගුවන් යානය (Inogaral Flight) එරට සංචා­ර­ක­යන් පිරි­සක් රැගෙන ඊයේ (6) උදෑ­සන කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත පැමිණ තිබුණි.

අසූර් එයාර් ගුවන් සේවයේ ඉසෙඩ්.එෆ්. – 1611 දරන මෙම ගුවන් යානය ඊයේ (6) උදෑ­සන 10.5ට රුසි­යාවේ වෙනි­කොව් නුවර සිට කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත පැමිණ තිබුණි. මෙම ගුවන් යානය පිළි­ගැ­නීම සඳහා ජල ආචාර (Water Salute) පැවැ­ත්වී­මට කටු­නා­යක ගුවන් බල­ධා­රීහු පිය­වර ගත්හ. මෙම මංගල ගුවන් ගමන සඳහා අසූර් එයාර් ගුවන් සේවය විසින් බෝයිං – 767 වර්ගයේ ගුවන් යාන­යක් යොද­වනු ලැබ තිබූ අතර, එහි ගුවන් මගීන් 332ක් සහ ගුවන් යානා කාර්ය මණ්ඩ­ලය ලෙස තවත් 10 දෙනෙක් ද පැමිණ සිටි­යහ.

ඒ අනුව නොවැ­ම්බර් මස 6 වැනි දින සිට සෑම සති­ය­කම අසූර් එයාර් ගුවන් සේවය රුසි­යාවේ ප්‍රධාන නගර 5ක සිට එනම්, වෙනි­කොව්, සෙන්ට් පීට­ර්ස්බර්ග්,ක්‍රොස­නොස්කො

සෝච්  සහ නොවි­සි­බිස්ක් යන නග­ර­වල සිට කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත පැමි­ණී­මට නිය­මිත බව එම ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ කළ­ම­නා­කරු මොරිස් ද සිල්වා මහතා පැව­සීය. එසේම මෙම අසූර් එයාර් ගුවන් යානා­ව­ලට රුසි­යාවේ එම ගම­නාන්ත වෙත ළඟා වීමට පැය 9ක කාල­යක් ගත­වන අතර, මෙම ගුවන් යානා එළැ­ඹෙන 2025 වසරේ අප්‍රි­යෙල් මස 30 දින තෙක් කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත පැමි­ණී­මට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT