වත්තල ප්රදේශයේ පදිංචි තරුණ පිරිසක් මාතලේ නගරයේ පෝස්ටර් අලවමින් සිටියදී නගර සංචාරයේ යෙදී සිටි මාතලේ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
තරුණයන් සමඟ ත්‍රිරෝද රථ දෙකක් හා පොස්ටර් හාරදහස් පන්සියයක් ද අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ මාතලේ මැතිවරණ අපේක්ෂකයකුගේ අංකය හා ලාංජනය ඡායාරූපය සමඟ ප්රදර්ශනය වන ආකාරයට ඔවුන් පෝස්ටර් අලවමින් සිට ඇති බවයි. පොලිසිය සඳහන් කළේ අදාළ අපේක්ෂකයා මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදී මාතලේ දිස්ත්රික්කයේ පොදු ජන පෙරමුණේ අපේක්ෂකයකු බවයි. ඔහුගෙන් ද කටඋත්තරයක් ලබා ගන්නා බව ද පොලිසිය පැවසීය.