Home » පල්ලෙ­පො­ළදී සිසු ගැටු­ම­කට පැන දෙදෙ­න­කුට පහර දුන් යුද සෙබළු තිදෙ­නකු අත්අ­ඩං­ගු­වට

පල්ලෙ­පො­ළදී සිසු ගැටු­ම­කට පැන දෙදෙ­න­කුට පහර දුන් යුද සෙබළු තිදෙ­නකු අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
November 7, 2024 1:00 am 0 comment

මාතලේ මධ්යම සමූහ

මාතලේ, පල්ලෙ­පොළ නග­ර­යේදී පාසල් සිසුන් දෙදෙ­න­කුට පහ­ර­දීමේ සිද්ධි­ය­කට අදා­ළව නිවාඩු ලබා පැමිණ සිටි යුද හමුදා සෙබ­ළුන් තිදෙ­නකු ඊයේ (6) අත්අ­ඩං­ගු­වට ගත් බව මහ­වෙල පොලි­සිය පැව­සීය.

අදාළ පහ­ර­දී­මෙන් තුවාල ලැබූ පල්ලෙ­පොළ නග­රයේ ප්‍රධාන පාස­ලක 11 වසරේ ඉගෙ­නුම ලබන වයස අවු­රුදු 17ක් වන පාසල් සිසුහු දෙදෙනා යට­වත්ත ප්‍රාථ­මික රෝහලේ ප්‍රති­කාර ලබති. මෙම ගැටුම පල්ලෙ­පොළ නග­රයේ ප්‍රධාන පාස­ලක සිසුන් දෙපි­රි­සක් අතර ඇති වූ බහි­න්බස් වීමක් පහ­ර­දී­මක් දක්වා දුර­දිග යෑමෙන් සිදු වූවක් වන අතර, එම සිද්ධි­යෙන් පහ­ර­කෑ­මට ලක්වූ එක් පාසල් සිසු­ව­කුගේ සහෝ­ද­ර­යකු නිවාඩු ලබා පැමිණ සිටි යුද සෙබ­ළුන් තිදෙ­නා­ගෙන් අයෙකි. ඔහු නිවාඩු ලබා පැමිණ සිටි අනෙක් හමුදා සෙබ­ළුන් දෙදෙනා ද සමඟ පල්ල­පොළ නග­ර­යට පැමිණ නග­ර­යේදී  සිසුන් අතර ඇතිවූ ගැටු­මට සම්බන්ධ පාසල් සිසුන් දෙදෙ­නාට මෙසේ පහර දී ඇති බවට පොලි­සි­යට ලද පැමි­ණි­ල්ල­කට අනුව අදාළ සෙබ­ළුන් තිදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් පලාලි හා වවු­නියා යුද හමුදා කඳ­වු­රු­ව­ලට අනු­යු­ක්තව සේවය කරන පල්ලෙ­පොළ ප්‍රදේ­ශ­යේම පදිංචි අදාළ යුද හමුදා සෙබ­ළුන් තිදෙනා මාතලේ අධි­ක­ර­ණ­යට ඉදි­න්පත් කිරී­මට නිය­මි­තය. සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරී­ක්ෂණ මහ­වෙල පොලි­සිය විසින් සිදු කරනු ලබයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT