Thursday, May 8, 2025
Home » ලක්ෂ 25ක් වංචා කළ සැක­ක­රුට ඇප

ලක්ෂ 25ක් වංචා කළ සැක­ක­රුට ඇප

by Gayan Abeykoon
November 7, 2024 1:00 am 0 comment

කළු­තර කළු­තර මධ්යම සමූහ - සුනිල් ස්ටැන්ලි

පුද්ග­ල­යෙ­කු­ගෙන් රුපි­යල් 24,80,000ක මුද­ලක් ලබා­ගෙන එම මුදල් ආපසු ලබා නොදී වංචා කිරීම, විශ්වා­සය කඩ කිරීම හා සාප­රාධී සාවද්‍ය පරි­හ­ර­ණය යන කරුණු මත අධි­ක­ර­ණය හමු­වට පමු­ණු­වනු ලැබූ අයෙකු රුපි­යල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කළු­තර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් රසං­ජුලා පෙරේරා මහ­ත්මිය පෙරේදා (05) නියම කළාය.

මෙසේ ඇප නියම වූයේ දෙහි­වල, අත්ති­ඩියේ පදිං­චි­ක­රු­වකු වූ බැර­ගම ගමගේ මහේෂ් චන්දන නම්වූ අය­ටය. කළු­තර, නාගොඩ, පරණ පොලි­සිය වත්තේ පදිංචි විශ්‍රා­මික රේගු අධි­කා­රි­ව­ර­යකු වූ කුරු­ඳු­කා­රගේ සුනිල් ජය­රත්න යන අය විසින් කළු­තර කොට්ඨාස විශේෂ අප­රාධ විම­ර්ශන ඒක­ක­යට කරන ලද පැමි­ණිල්ල අනුව පරී­ක්ෂණ පවත්වා මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබුණි.

තමා මිතු­රකු මාර්ග­යෙන් මෙම සැක­ක­රුව හඳුනා ගත් බවත්, ලිපි ද්‍රව්‍ය ආන­ය­නය කර විකුණූ ලාභ­යෙන් කොට­සක් සහ මුදල් ආපසු ලබා දෙන බව පවසා මුදල් ඉල්ලා ගත් බවත් ඔහු පොලි­සි­යට කර තිබූ පැමි­ණිල්ලේ සඳ­හන් වේ. මෙම මුදල් වෙනු­වෙන් මොහු අත්ති­ඩිය කොම­ර්ෂල් බැංකුවේ වසා දමා ඇති ගිණු­ම­කින් චෙක්පත් ලබාදී තිබූ අතර ඒවා බැංකු­ගත කළ විට අගරු වූ බවත් ඔහු පොලි­සි­යට කර තිබූ පැමි­ණිල්ලේ වැඩි­දු­ර­ටත් සඳ­හන් වේ.

මෙම සැක­කරු ඇප මත මුදා හරින ලෙස නියම කළ විනි­සු­රු­ව­රිය නඩු විභා­ගය සඳහා 2025 පෙබ­ර­වාරි මස 03 වැනි දිනට දින නියම කළාය.

කළු­තර කොට්ඨාස විශේෂ අප­රාධ විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මහින්ද පුෂ්ප­කු­මාර සහ සැර­යන් (8500) විතාන යන මහ­ත්වරු මේ පිළි­බ­ඳව පරී­ක්ෂණ පැවැත්වූ අතර
සැර­යන් (41080) කරු­ණා­රත්න මහතා විසින් සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලදී.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT