ජා – ඇළ පොලිස් වසමේ ආයුර්වේද බලපත්‍රයක් නොමැතිව සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා මඩමක් වටලා තරුණියන් 8 දෙනෙකු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බව ජා – ඇළ පොලිසිය පවසයි.
මෙම නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථානය ජා – ඇළ දඬුගම ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක ඉහළ මහලයේ සුඛෝපභෝගී ලෙස සකස් කර තිබූ නිවහනක පවත්වා ගෙන ගොස් තිබුණි.
මෙහි සේවය සඳහා යොදවා ඇත්තේ වයස අවුරුදු 20, 26 සීමාවේ පසුවු රූමතියන් වන අතර ඔවුන් සියලුදෙනා දිවයිනේ ඈත එපිට ගම්බද ප්‍රදේශවලින් රැකියා සඳහා කොළඹ ප්‍රදේශයට පැමිණි තරුණියන් බව විමර්ශනයේදී හෙලිවූ බව පොලසිය පැවැසීය.
ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූයේ අත්අඩංගුවට ගෙන ඇති සැකකාරියන්ගෙන් සය දෙනෙකුම තම නිවෙස්වලට පවසා ඇත්තේ තමන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්ශාලාවල සේවයේ නියුතුව සිටින බවය.
ජා – ඇළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක කේ.එන්.පී.ආර්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් සරත් (50040), පොලිස් කොස්තාපල්වරුන් වන සංජීව (82109), කාන්තා පොලිස් කොස්තාපල් දිල්රුක්ෂි යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකොට ඇත. පසුගිය මාස දෙක තුළ ජා – ඇළ පොලිස් වසමේ විවිධ ස්ථානවල පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් කරගෙන ගිය ගණිකා මඩම් 6ක් වටලා තරුණ සැකකාරියන් 50කට ආසන්න පිරිසක් සහ එම මඩම් පාලනය කළ පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පමුණුවා ඇති බවද පොලිසිය පැවැසීය.