Thursday, May 8, 2025
Home » 17 පෙම්වතා 14 හැවි­රිදි පෙම්ව­තිය දූෂ­ණය කරලා

17 පෙම්වතා 14 හැවි­රිදි පෙම්ව­තිය දූෂ­ණය කරලා

by Gayan Abeykoon
November 7, 2024 1:00 am 0 comment

රත්න­පුර විශේෂ - එන්.පී. රාජ­දොරේ

පාසල් වියේ පසු­වන 14 හැවි­රිදි ශිෂ්‍යා­වක් වූ තම පෙම්ව­ති­යව ඇයගේ 17 හැවි­රිදි පෙම්වතා විසින් දූෂ­ණය කිරීමේ සිද්ධි­යක් රත්න­පුර ශික්‍ෂණ රෝහල් පොලි­සි­යෙන් වාර්තාවේ.

තම පෙම්වතා අතින් දූෂ­ණ­යට ලක්ව ඇත්තේ කුරු­විට කොස්ගල වත්තේ පදිංචි පාසල් ශිෂ්‍යා­වකි. ශිෂ්‍යාව බඩේ අමා­රු­වක් කියා පසු­ගිය 4 වැනිදා දෙම­වු­පි­යන් සමඟ කුරු­විට සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කාර්යා­ල­යට ගොස් වෛද්‍ය­ව­ර­යාට පෙන්වා තිබේ. දැරිය පරීක්‍ෂා කළ වෛද්‍ය­ව­රයා විසින් දැරිය ගැබ්ගෙන ඇති බව පෙනී­ගිය නිසා දැරිය රත්න­පුර ශික්‍ෂණ රෝහ­ලට කැද­වා­ගෙන යන ලෙස උප­දෙස්දී ඇත.

වෛද්‍ය­ව­ර­යාගේ උප­දෙස් මත දැරි­යගේ දෙම­වු­පි­යන් විසින් දැරිය රත්න­පුර ශික්‍ෂණ රෝහලේ වෛව­ද්‍ය­ව­රුන්ට පෙන්වී­මෙන් අන­තු­රුව දැරිය 24 වාට්ටු­වට ඇතු­ළත් කර ඇත.

රත්න­පුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය­ව­රුන් විසින් කළ වෛද්‍ය පරී­ක්‍ෂ­ණ­යෙන් සහ දැරි­යගේ මුත්‍රා සාම්පල් පරීක්‍ෂා කිරී­මෙන් අන­තු­රුව දැරිය ගැබ්ගෙන ඇති බව තහ­වුරු කර­ගෙන තිබේ.

තමන් කොස්ග­ල­වත්ත හන්ඳියේ කඩේ පදිංචි මෝගන් නමැති 17 හැවි­රිදි තරු­ණ­යකු සමඟ ප්‍රේම සම්බ­න්ධ­යක් වසර දෙකක කාල­යක පටන් තිබෙන බවත් තම පෙම්වතා අතින් මෙම අප­රා­ධය සිදුවූ බවට රත්න­පුර රෝහල් පොලි­සියේ නිල­ධා­රීන්ට දැරිය පවසා ඇත. පැම­මි­ණි­ලි­කා­රිය පාසල් යන වයසේ පසු­වන 14 හැවි­රිදි බාල වය­ස්කා­රි­යක් බැවින් ඇය සමඟ ප්‍රේම­ස­ම්බ­න්ධතා පැවැ­ත්වූ­වා­යැයි කියන තරු­ණ­යාට විරු­ද්ධව ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ නඩු පැව­රී­මට රත්න­පුර රෝහල් පොලි­සියේ නිල­ධා­රීන් කුරු­විට පොලි­සි­යට භාරදී ඇති අතර පෙම්වතා යැයි කියන සැක­කාර තරු­ණ­යාව අත්අ­ඩං­ගු­වට ගෙන නඩු පැව­රී­මට කුරු­විට පොලි­සිය කට­යුතු කර­ගෙන යයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT