පාසල් වියේ පසුවන 14 හැවිරිදි ශිෂ්‍යාවක් වූ තම පෙම්වතියව ඇයගේ 17 හැවිරිදි පෙම්වතා විසින් දූෂණය කිරීමේ සිද්ධියක් රත්නපුර ශික්‍ෂණ රෝහල් පොලිසියෙන් වාර්තාවේ.
තම පෙම්වතා අතින් දූෂණයට ලක්ව ඇත්තේ කුරුවිට කොස්ගල වත්තේ පදිංචි පාසල් ශිෂ්‍යාවකි. ශිෂ්‍යාව බඩේ අමාරුවක් කියා පසුගිය 4 වැනිදා දෙමවුපියන් සමඟ කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් වෛද්‍යවරයාට පෙන්වා තිබේ. දැරිය පරීක්‍ෂා කළ වෛද්‍යවරයා විසින් දැරිය ගැබ්ගෙන ඇති බව පෙනීගිය නිසා දැරිය රත්නපුර ශික්‍ෂණ රෝහලට කැදවාගෙන යන ලෙස උපදෙස්දී ඇත.
වෛද්‍යවරයාගේ උපදෙස් මත දැරියගේ දෙමවුපියන් විසින් දැරිය රත්නපුර ශික්‍ෂණ රෝහලේ වෛවද්යවරුන්ට පෙන්වීමෙන් අනතුරුව දැරිය 24 වාට්ටුවට ඇතුළත් කර ඇත.
රත්නපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් කළ වෛද්‍ය පරීක්ෂණයෙන් සහ දැරියගේ මුත්‍රා සාම්පල් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව දැරිය ගැබ්ගෙන ඇති බව තහවුරු කරගෙන තිබේ.
තමන් කොස්ගලවත්ත හන්ඳියේ කඩේ පදිංචි මෝගන් නමැති 17 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් වසර දෙකක කාලයක පටන් තිබෙන බවත් තම පෙම්වතා අතින් මෙම අපරාධය සිදුවූ බවට රත්නපුර රෝහල් පොලිසියේ නිලධාරීන්ට දැරිය පවසා ඇත. පැමමිණිලිකාරිය පාසල් යන වයසේ පසුවන 14 හැවිරිදි බාල වයස්කාරියක් බැවින් ඇය සමඟ ප්‍රේමසම්බන්ධතා පැවැත්වූවායැයි කියන තරුණයාට විරුද්ධව ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ නඩු පැවරීමට රත්නපුර රෝහල් පොලිසියේ නිලධාරීන් කුරුවිට පොලිසියට භාරදී ඇති අතර පෙම්වතා යැයි කියන සැකකාර තරුණයාව අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කුරුවිට පොලිසිය කටයුතු කරගෙන යයි.