Thursday, May 15, 2025
Home » ලක්ෂ ගණ­නක් වටිනා ගොඩ­නැ­ඟි­ල්ලක් විනා­ශ­මු­ඛයේ

ලක්ෂ ගණ­නක් වටිනා ගොඩ­නැ­ඟි­ල්ලක් විනා­ශ­මු­ඛයේ

ප්‍ර‍යෝජ­න­ය­කට ගන්න ප්‍රදේ­ශ­වා­සීහු ඉල්ලති

by Gayan Abeykoon
November 7, 2024 1:04 am 0 comment

බළ­පි­ටිය අහු­න්ගල්ල සමූහ - අනුර යස­මිත්

බළ­පි­ටිය, රන්දොඹේ, දම්නද විදු­හල පව­ත්වා­ගෙන ගිය දෙම­හල් ගොඩ­නැ­ඟිල්ල වසර ගණ­නා­වක් තිස්සේ කිසිම ප්‍රයෝ­ජ­න­ය­කට නොගෙන අත්හැර දැමීම නිසා විනාශ වෙමින් පවතී.

මෙම විදු­හ­ලට 1996දී වසර සිය­යක් පිරීම නිමි­ත්තෙන් රන්දොඹේ ගමේ උපන් ව්‍යාපා­රි­ක­යකු මෙන්ම දාන­ප­ති­යකු වූ ගරු­මුණි පීටර් ද සිල්වා මහ­තාට පින් පිණිස ඒ මහ­තාගේ බිරිඳ සහ දූ දරු­වන් විසින් ඉදි­ක­ර­වන ලද ‘ජී. පී. ද සිල්වා අනු­ස්ම­රණ දෙම­හල් ගොඩ­නැ­ඟිල්ල එව­කට අධ්‍යා­පන ඇමැ­ති­ව­රයා වූ රිචඩ් පති­රණ මහතා 1998 ඔක්තෝ­බර් මස දෙවැනි දින විවෘත කර තිබේ.

මුහුදු වෙරළ ආස­න්න­යේම පිහිටි මෙම පාසල 2004 වසරේ දී පැවති සුනාමි ව්‍යස­න­යට හසු­වී­මෙන් මෙම ස්ථාන­යෙන් පාසල ඉවත් කෙරිණි. රන්දොඹේ සුචි­ත්‍රා­රාම විහා­ර­ස්ථා­න­යෙන් පරි­ත්‍යාග  කරන ලද භූමි­යක විදු­හල ස්ථාපිත කිරී­මෙන් පසු මෙම ගොඩ­නැ­ඟිල්ල තනි­විය. පසුව දම්නද පෙර පාසල ටික කාල­යක් පවත්වා ගෙන ගිය අතර එයද පසු කාලයේ දී මෙම ස්ථාන­යෙන් ඉවත් කර තිබේ.

රුපි­යල් ලක්ෂ ගණ­න­ක­ට­වත් වර්ත­මා­නයේ ඉදි කළ නොහැකි මෙම ගොඩ­නැ­ඟිල්ල කිසිම ප්‍රයෝ­ජ­න­යක් නොගෙන අත්හැර දැමීම නිසා විනාශ වෙමින් පවතී. වහ­ලෙන් කොට­සක් දැන­ට­මත් දිරා­පත් වී කඩා වැටී තිබේ. මේ ගොඩ­නැ­ඟිල්ල තුළ රාත්‍රී කාලයේ දී නොයෙ­කුත් අප­චාර ක්‍රියා­වන් සිදු­වන බවද ප්‍රදේ­ශ­වා­සීහු කියති. මෙම ප්‍රදේ­ශයේ දැනට සංචා­රක ව්‍යාපා­රය දියුණු වෙමින් පව­තින නිසා ඒ සඳහා වූ  ආය­ත­න­ය­කට බද්දට හෝ ලබා දී ප්‍රයෝ­ජ­න­යක් ගන්නා ලෙස හෝ රජයේ වෙනත් කට­යු­ත්ත­කට යොදා ගන්නා ලෙස  ප්‍රදේ­ශ­වා­සීහු බල­ධා­රි­න්ගෙන් ඉල්ලා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT