Home » ජාතික නෙට්බෝල් පිලට උණු­සුම් පිළි­ගැ­නී­මක්

ජාතික නෙට්බෝල් පිලට උණු­සුම් පිළි­ගැ­නී­මක්

by Gayan Abeykoon
November 7, 2024 1:24 am 0 comment

ඩය­ලොග් ආසි­ආ­ටාහි සමූහ අලෙවි සහ­කාර උප සභා­පති අශානි සේනා­රත්න මහ­ත්මිය විසින් ජාතික නෙට්බෝල් කණ්ඩා­යමේ නායිකා දුලංගි වන්නි­ති­ලක ගුව­න්තො­ටු­පො­ළේදී පිළි­ගත් අයුරු.

ඉන්දි­යාවේ බැංග­ලූ­රුහි පැවති 2024 ආසි­යානු නෙට්බෝල් තර­ගා­ව­ලි­යේදී දැක්වූ විශිෂ්ට දස්කම් අග­ය­මින්, ඔවුන් පෙරළා සිය­රට පැමිණි අව­ස්ථාවේ කටු­නා­ය­කට ගුව­න්තො­ටු­පො­ළේදී උණු­සුම් පිළි­ගැ­නී­මක් කිරී­මට ජාතික නෙට්බෝල් කණ්ඩා­යමේ අනු­ග්‍රා­හ­කයා මෙන්ම මෙරට ක්‍රීඩාවේ ප්‍රමු­ඛ­තම සවි­බ­ලය සප­යන්නා වන ඩය­ලොග් ආසි­ආටා පීඑල්සී සමා­ගම කට­යුතු කළේය.

අප­රා­ජි­තව අව­සන් මහා තර­ග­යට පිවිසි ශ්‍රී ලංකා පිල තියුණු සට­න­කින් අන­තු­රුව සිංග­ප්පූ­රුව හමුවේ අනු­ශූ­රි­යන් බවට පත් විය.

ඩය‍ලොග් ආය­ත­නය 2018 වසරේ සිට ශ්‍රී ලාංකේය නෙට්බෝල් සමඟ අනු­ග්‍රා­හ­ක­යෙක් ලෙසින් නිබ­ඳව රැඳී සිටින අතර, සමා­ගමේ අනු­ග්‍ර­හය කණ්ඩා­යම බල­ගැ­න්වී­මේදී ප්‍රධාන භූමි­කා­වක් බවට පත් විය.

ජාතික නෙට්බෝල් කණ්ඩා­යම සම­ඟින් සම්බ­න්ධ­වීම හරහා ස්ත්‍රී පුරුෂ සමා­නා­ත්ම­තාව සහ ක්‍රීඩාව තුළ කාන්තා­වන්ට ජය­ග්‍රාහී අවස්ථා විවර කර දීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ පුළුල් ක්‍රීඩා සංස්කෘ­ති­යක් පෝෂ­ණය කිරීම සඳහා ඩය­ලොග්හි වන කැප­වීම විදහා දැක්වෙ­න්නකි.

ඩය­ලොග් ආසි­ආටා පීඑ­ල්සීහි සමූහ අලෙවි සහ­කාර උප සභා­පති අශානි සේනා­රත්න මහ­ත්මිය මේ තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා කණ්ඩා­යම දැක්වූ දක්ෂතා පිළි­බඳ අද­හස් දක්ව­මින් කියා සිටියේ කණ්ඩා­යමේ දස්කම් මහත් අභි­මා­න­යක් බවයි. එමෙන්ම කාන්තාව සවි­බ­ල­ගැ­න්වීම සහ විවි­ධ­ත්වය දියුණු කර­මින් ක්‍රීඩා­වට අන්ත­ර්ග්‍ර­හ­ණය කර­ගැ­නීම සඳහා ඩය‍ලොග් තව­දු­ර­ටත් කැප­වන අතර ජාතික නෙට්බෝල් කණ්ඩා­යම සමඟ වන මේ එක­තුව එම අග­යන් විදහා දක්ව­න්නක්. කණ්ඩා­ය­මට විශි­ෂ්ට­ත්වයේ හිණි­පෙ­තට ළඟා­වීම සඳහා ඩය­ලොග් සහ­යෝ­ගය තව­දු­ර­ටත් පිරි­න­ම­නවා යැයි ද පවසා සිටි­යාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT