Home » කෘත්‍රිම බුද්ධිය භාවිතයේ දී පවතින අභියෝග ගැන අගමැති සාකච්ඡාවක

කෘත්‍රිම බුද්ධිය භාවිතයේ දී පවතින අභියෝග ගැන අගමැති සාකච්ඡාවක

by chanaka
November 8, 2024 11:40 am 0 comment

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (07) විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතනවල සහ තොරතුරු තාක්ෂණ සේවා සපයන රාජ්‍ය අංශයේ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ හමුවක් කැඳවා තිබිණි.

අමාත්‍යාංශය තුළ විද්‍යාව හා තාක්‍ෂණය භාවිතයේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය නංවාලීම සඳහා තොරතුරු තාක්ෂණ සේවාවන්හි පවතින ප්‍රගතිය පිළිබඳවද සමාලෝචනයක නිරත විය.

නව රජයේ ඩිජිටල්කරණ ප්‍රයත්නය සහ රාජ්‍ය අංශයට නවීන තාක්ෂණය මුසු කිරීමේදී කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීමේ ඇති හැකියාව සහ තොරතුරු තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා වන වත්මන් අභියෝග පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කෙරිණ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම්වරුන් වන ඒ.කේ. ආර් අලවත්ත, එච් ඩබ්ලිව් කේ අතාවුදගේ, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී කණිෂ්ක කරුණාසේන, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා ජී සේනාරත්න, ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් වරුණ ශ්‍රී ධනපාල යන මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිතයින් සහභාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT