මෙරට සුළු හා මැදි පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු විසඳීමට ජනපති ගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික කර්මාන්ත සංවර්ධන කවුන්සිලයක් පිහිටුවීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇතැයි ශ්‍රී ලංකා ව්‍යවසාය සංවර්ධන කවුන්සිලයේ සභාපතිනි සෂිකා ද සිල්වා මහත්මිය පවසයි.
රටක ආර්ථිකයේ කොඳු නාරටිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාව පිළිබඳ මැතිවරණයක් අබියස ප්‍රධාන මාතෘකාවක් ලෙස කතාබස් කෙරේ. එවන් මොහොතක කොඳු කැඩී නැති වෙමින් පවතින අක්‍රිය ණය කාණ්ඩයේ ව්‍යවසායකයනට ව්‍යවසාය පමණක් නොව ඔවුන්ගේ දේපළ රැකගැනීමට ඇති සහන කාලය මෙම දෙසැම්බර් 15 දිනෙන් අවසන් වන බවද ඇය අවධාරණය කළාය.
ඉකුත් දස වසර තුළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගත් පිරිස අතරින් ඒවා ආපසු ගෙවා ගැනීමට නොහැකිව එකසිය හැත්තෑ හයදෙනකු (176) අවාසනාවන්ත ලෙස මේ වන විට දිවි නසාගෙන තිබේ. මෙම ආයතනවලින් ණය ලබාගත් පිරිස ලක්ෂ 27 ඉක්මවයි. ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි 8400ක් පමණ වේ.
මේ කරුණු කාරණා සම්බන්ධයෙන් සහ රටේ ව්‍යසායකයන් මුහුණ දෙන ගැටලු විසඳීමේ අරමුණින් මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉකුත්දා සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ සභාපතිනිය, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ලබන දෙසැම්බර් 15 දක්වා කාලය දීර්ඝ කිරීමක් සිදු කළ ද එම ව්‍යවසාය නැවත ගොඩනැංවීම උදෙසා කිසිදු සහනයක් මෙතෙක් ක්‍රියාත්මක වී නැත.
ව්‍යවසාය සංවර්ධන කවුන්සිලයේ සභාපතිනිය ලෙස ඇය සඳහන් කර සිටියේ, ව්‍යවසායකයන් නඟාසිටුවීමට දැක්මක් නොමැති, විධිමත් ලෙස පිහිටුවා නොගත් යන්ත්රණයේ නොහැකියාව නිසා ව්‍යවසායක ප්‍රශ්නවලට විසඳුම් නොලැබුණු බවය.
අප මුහුණ දෙන ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා මෙතෙක් පැමිණි ගමනේ අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආරාධනයෙන් ඔවුන් හා සකච්ඡා කර සාධනීය ප්‍රතිඵලත් ඔවුන්ගේ අවධානයත් ලබාගැනීමට හැකිවුණා.
පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවා ගැනීමට අපට හැකිවුණා.
ඒ සඳහා එවකට පැවති රජයේ අමාත්‍ය ධුර දැරූ ආචාර්ය විජයදාස රාජපක්ෂයන් හා වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.
ඔවුන් නොවන්නට එය සිදු නොවිය හැකිව තිබුණා. නමුත් එතනින් එහාට සහන දී අක්‍රිය ණය කාණ්ඩයේ සිටින ව්‍යවසායකයන් ගොඩනැඟීම සඳහා රජය සිදු කළ ක්‍රියාවලිය ප්‍රතිඵල රහිතයි.
මේ සඳහා පිළිතුර හා ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලිව දැනගත යුතුය. ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙනවාදැයි සොයාබලා එසේ නොවන්නේ නම්, ප්‍රතිඵල ලැබෙන තෙක්ම ඒ සඳහා මැදිහත් වීම රජයක වගවීමකි. බංකොලොත් බවට පත්වූ ව්‍යවසායකයෙකුට එයින් මිදී නැවත ආපසු පැමිණීම සඳහා අවශ්‍ය නීති අණපනත් පවතින නීති රාමුව තුළ නොමැත. ඒ සඳහා අණපනත් හඳුන්වා දිය යුතුය. එපමණක් නොව ආයෝජකයෙකුට මෙරටට පැමිණ ප්රතිලාභ රැගෙන යා හැකි නිසි පසුබිමක් තවමත් සකසා නොමැත.
මෙවැනි දීර්ඝ කාලීනව පවතින ගැටලුවලට නිසි විසඳුම් පිළිබඳව ඉදිරියටත් සාකච්ඡා කළ යුතුය. හිටපු ජනාධිපතිතුමා විසින් සැකසූ බංකොලොත් බව පිළිබඳ නව කෙටුම්පතක් පරිශීලනය කර විමසා බැලීමට අප හටද අවස්ථාව ලබා දෙන ලදි.
දීර්ඝ කාලීන විසඳුමක් ලෙස නිසි අණපනත් ගෙනඒම නව රජයේ වගකීමකි.
එමඟින් පරාටේ පනතක් තවදුරටත් අවශ්‍ය නොවනු ඇත.
තෙවෙනි පාර්ශ්වය මැදිහත් වීම හා නිසි යන්ත්‍රණය ක්‍රියාත්මක කරවීම
ව්‍යවසායකයන් සංවර්ධනයට ඕනෑ තරම් රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය ආයතන රට තුළ ඇත. සහන ලබාදීමට නිසි යන්ත්‍රණයක් තිබිය යුතුය.
එම යන්ත්‍රණය තුළ ව්‍යවසායකයා වෙන් වෙන්ව හඳුනාගැනීමට හා ඇගයීමට ක්‍රමවත් මිනුම්දඬු භාවිතයෙන් වගකිවයුතු විනිවිද ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුය. මූණ බලා ණය දීමට නිර්දේශ නොකළ යුතුය. ඒ සඳහා තෙවන පාර්ශ්වීය සහතිකකරණයක් තුළින් බැංකුවටත් ව්යවසායකයාටත් රජයටත් විශ්වාසය ගොඩනැඟීම සිදු කළ යුතුය.
ඒ සඳහා සම්පත් හා ක්‍රමවේද ඕනෑ තරම් දැනටමත් රාජ්‍ය සේවය තුළ ඇත.
අප පෞද්ගලිකව සිදු කරනු ලැබූ මැදිහත් වීම් තුළින් ප්‍රතිඵල ලැබුණු අතර, එමඟින් පිළිබිඹු වූයේ බැංකු හා ව්‍යවසායකයා අතර පවතින සන්නිවේදන නොහැකියාවයි. ඒ සඳහා පිළිගත් තෙවැනි පාර්ශ්වයක අවශ්‍යතාව පවතී. ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කිරීමට මෙම මූලික වැඩපිළිවෙළ මහඟු පිටිවහලක් වනු ඇත.
ප්‍රධාන වශයෙන් ක්ෂණික විසඳුමක් ලෙස පොලිය මත පොලිය එකතු කිරීමේ නීති විරෝධී ක්‍රමයෙන් ව්‍යවසායකයා මත පටවා ඇති පොලී කොටස ඉවත් කර දීම කළ යුතුයි. එම පොලිය පවා වෙන් නොකොට ආයෝජන ප්රාග්ධනයට එක්කිරීම දැවැන්ත අවුලකි.
මෙම සමස්ත ගණන් හිලව් බැංකු හා මහ බැංකුව තුළින් ලබා ගෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ කොටස හඳුනාගෙන සහන දීම රජයට පහසුවෙන් කළ හැකිය.
ඒ සඳහා සහාය වීම ව්‍යවසායක අපගේ ද යුතුකමකි. සියලු ව්‍යවසායක ප්‍රශ්න දූර්භූත කළ හැකි ජාතික කර්මාන්ත කවුන්සිලයක හීනය අප දකී. අක්‍රිය ණය ප්රශ්නය ලංකාවේ ව්‍යවසායකයනට මේ මොහොතේ එල්ලව ඇති දැවැන්ත ප්රශ්නයන්ගෙන් එකක් පමණි. මේ ප්රශ්නය ඇතිවීමට පවා හේතු පාදක වූ රජයක් විසින් තැනිය යුතු ව්‍යවසායක පරිසරය ඇතිකරවීමේ දැවැන්ත අභියෝගය අප ඉදිරියේ එලෙසම පවතී.
ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විය යුතු ජාතික කර්මාන්ත කවුන්සිලයක් පිහිටුවීම කළ යුතුය. එය ඉතා විශාල මෙහෙයුමකි. එවැනි යන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කිරීම අප දිනූ යුද්ධයට නොදෙවෙනි යුද්ධයක් වනු ඇත.
ජනාධිපති ආර්ථික හා මූල්‍ය උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා…
අප රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාව නියෝජනය කරමින් විවිධ වූ සංවිධාන ක්‍රියාකාරකම් සිදු වෙනවා. නමුත් මේ සියල්ල එක් තැනකට පැමිණ නැහැ. අපි ඉතා ඉක්මනින් මෙලෙස එක් තැනකට නොපැමිණි ප්‍රශ්නගත සියලු දෙනා එක සාකච්ඡා මේසයකට කැඳවා පුළුල් කථිකාවක් කිරීමට සූදානම්. අප සියලු ව්‍යවසායකයන් ඒකාබද්ධ කර ගනිමින් පුළුල් කමිටුවක් ඉදිරියේදී පිහිටුවනවා. ඒ හරහා මෙම පිරිස්වල දැවෙන ප්‍රශ්නවලට එකින් එක පිළිතුරු ලබාදෙනවා.
ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවේ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා..
ලබන දෙසැම්බර් 15දා වන විට පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතා දමා ඇති දිනය අවසන් වෙනවා. නමුත් අපි එම දිනය දීර්ඝ කිරීමට පියවර ගැනීමට කටයුතු කරමින් සිටිනවා.
ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවේ විධායක සභික චතුරංග අබේසිංහ මහතා..
මෙරට ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලුවලට තිරසර විසඳුමක් ලෙස අනිවාර්යෙන්ම සංවර්ධන බැංකුවක් පිහිටුවීමට කටයුතු කිරීමට පියවර ගැනීමට සූදානම්. ඒ හරහා සමස්ත ව්‍යවසාය හා කර්මාන්ත ගොඩනැඟිය හැකි සියලු අභියෝග ජය ගතහැකි යැයි අප සිතනවා. ඊට පිහිටුවන නව යන්ත්‍රණය ගැන ඉදිරියේදී මැනවින් ව්‍යවසායකයන් දැනුවත් කිරීමක්ද අප කළ යුතුයි.