Home » සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ සුපිරි ජයග්‍රාහකයින් සඳහා චෙක්පත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ සුපිරි ජයග්‍රාහකයින් සඳහා චෙක්පත්

by mahesh
November 8, 2024 1:00 am 0 comment

සංවර්ධන ලොතරැයි පත් තුළින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කවලින් බිහි වූ සුපිරි ජයග්‍රාහකයින් ඇතුළු විසි ලක්ෂපතියන් හා ලක්ෂපතියන් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමත්, ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කිරීමත් 2024.11.05 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්. හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගිත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදි.

මෙහිදී සංවර්ධන ලොතරැයි පත් අතරින්, ලග්න වාසනාව සුපිරි ජයමල්ල වන 7,049,577/- දිනාගත් වාසනාවන්තයාට සහ තවත් සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ රු.2,500,000/- ජයග්‍රාහකයන්‍ 06 දෙනෙක් සඳහා ද චෙක්පත් ප්‍රදානය කරන ලදි.

ඊට අමතරව දිනුම් අදිනු ලබන ලොතරැයි පත් තුළින් විසි ලක්ෂයේ හා දසලක්ෂයේ ජයග්‍රාහකයින් සඳහා පහත පරිදි චෙක්පත් ප්‍රදානය කරන ලදි.

ඒ අනුව සංවර්ධන ලොතරැයි පත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 38 දෙනකු අතර රු. 67,049,577/-ක වටිනාකමකින් යුත් චෙක්පත් එදින බෙදාදීම සිදු කරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT