රාහු කාලය
උදේ 10.25 – 11.55 දක්වා
රාත්‍රී 10.23 – 11.55 දක්වා
දිව්‍යමය සුබ මුහුර්ත
ගමන් යාමට
උදේ 5.57ට උතුර බලා
උදේ 7.22ට උතුර බලා
ලොතරැයි මිලදී ගැනීමට
උදේ 7.41ට උතුර බලා
උදේ 9.00ට උතුර බලා
පැළ සිටුවීමට
උදේ 6.23ට උතුර බලා
සවස 4.42ට උතුර බලා
මේෂ
වෘත්තීය ජයග්‍රහණ
වෘත්තිය තත්ත්වය වෙනස් වෙයි. තමාට මගතොට වූ අතවර අවසන් වෙයි. කොයි කාගේත් ඇප උපකාර ලැබෙයි. අතමිට සරුවෙයි. වාහන, ඉඩම්, නිවාස හිමිකම පෙන්වයි. තම සහෝදර සහෝදරියන් අතර ප්‍රමුඛත්වය ලැබෙයි.
වෘෂභ
පුණ්‍යවන්ත වෙයි
පුණ්‍යවන්ත වෙයි. පෙර පිං පලදෙයි. තම එදිනෙදා කටයුතු ලෙහෙසියෙන් ඉටුකර ගැනීමට ද රටතොටේ ප්‍රචලිත වීමට ද හේතුවෙයි. ජීවිතයේ බොහෝ පරිත්‍යාගශීලී බවක් මතු කරයි.
මිථුන
හදිසි අනතුරු ගෙනෙයි
ප්‍රවේශම් වියයුතු දිනකි. විශේෂයෙන් වැටීම් තැළීම් බහුල වෙයි. උගුරේ අසනීප සිදුවෙයි. වියපැහැදම් බහුල වන අතර, කිසියම් ආර්ථික පාඩුවකටද හේතු වෙයි.
කටක
සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක්
අවිවාහක අයට මංගල යෝජනා ගලා එයි. තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සපලවන අතර නව ආදර සබඳතා දලුලනු ඇත. ආර්ථික අධ්‍යාත්මික දියුණුව හා සමාජයේ කැපී පෙනෙන තත්ත්වයට පත්වේ.
සිංහ
වාසස්ථානයෙන් බැහැර යාමක්
දුර බැහැර ගමන් යෙදේ. නීරෝගිව සිටියත් තමා විසින් සිදුකරගන්නා වැරදි නිසා දොස් පරොස් අසන්නට සිදුවේ. තම වාසස්ථානයෙන් දුරස්ව කටයුතු කිරීමට ද සිදුවනු ඇත.
කන්‍යා
උසස් අධ්‍යාපන ප්‍රතිඵල
ඉතා සුබයි. ඉගෙන ගන්නා වයසේ අයකු නම් උසස් අධ්‍යාපන ප්‍රතිඵලද සම්මුඛ පරීක්ෂණවලින් ජයද හිමිවනු ඇත. බොහෝ කළකිරීම් වියහැකි වුවද තම ආදර්ශමත් ජීවිතය නිසා නිසි වේලාවට තමාට ගැලවිල්ලට කිසිවකු සිටී.
තුලා
වෙළෙඳ ව්‍යාපාර සරුවේ
වෙළෙඳ ව්‍යාපාර සරුවේ. මිත්‍ර සංගම් අධික වුවහොත් නොසැලකිලිමත් නොවුවහොත් අධික සිත් තැවුල් බල පවත්වා යම් යම් විරසක උදාවිය හැකිය.
වෘශ්චික
දේපළ හිමිකම්
දේපළ හිමිකම් මතු කෙරේ. නිෙවසකට ඉඩමකට තිබූ ඉල්ලුම නිසා සුහදතාව මත විය හැකිය. අනතුරුසහගත විය හැකිය. ප්‍රමාද වූ නව ජීවිතය යහපත උදාවේ.
ධනු
හදිසි ධන යෝග
හදිසි ධන යෝග හිමිවේ. ඒ අතර ලොතරැයි ජය හිමිවීමට උරහිස ආශ්රිත උවදුරු පෙනෙන්නට ඇති අතර ප්‍රවේසම තුළින් ඒවා මඟහරවා ගත හැකිය. නිෙවසේ යම් පුණ්‍ය කටයුත්තකට මඟ සැලසේ.
මකර
සිතේ අධිෂ්ඨානය සපල වේ
සිතේ අධිෂ්ඨානය දැඩි වෙයි. ඉදිරිපත්වීමේ ආසාව පවතී. තම හිතමිතුරන්, ඥාතීන් වෙනුවෙන් ඇපකැපව කටයුතු කෙරෙනු ඇත. අධ්‍යාපන ජයග්‍රහණයකට හේතුයි.
කුම්භ
සමාජ විෂමතාවලට විරුද්ධ වේ
තම එදිනෙදා කටයුතුවල කිසියම් අවුල්සහගත බවක් දක්නට ලැබේ. සමාජ විෂමතාවලට විරුද්ධව කටයුතු කිරීමට පෙලඹේ. දුරස්ථව සිටි අය තම සමීපයට පැමිණේ. දූරදර්ශී වෙයි.
මීන
නව ආර්ථික සැලැස්මක්
නව ආර්ථික සැලැස්මකට අනුව කටයුතු කිරීමට පෙලඹේ. රැකියා අභිවෘද්ධිය සැලසේ. හුදු විනෝදාස්වාදයට කැපවේ. පොදු සමාජ කටයුතුවලදී ප්‍රමුඛත්වය ගනී. බොහෝ සිත සතුටුවන අංශ කෙරේ යොමුවේ.
සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී අජිත් ධර්මසිරි