Thursday, May 15, 2025
Home » අද දවස

අද දවස

by mahesh
November 8, 2024 1:00 am 0 comment

රාහු කාලය
උදේ 10.25 – 11.55 දක්වා
රාත්‍රී 10.23 – 11.55 දක්වා
දිව්‍ය­මය සුබ මුහුර්ත
ගමන් යාමට
උදේ 5.57ට උතුර බලා
උදේ 7.22ට උතුර බලා
ලොත­රැයි මිලදී ගැනී­මට
උදේ 7.41ට උතුර බලා
උදේ 9.00ට උතුර බලා
පැළ සිටු­වී­මට
උදේ 6.23ට උතුර බලා
සවස 4.42ට උතුර බලා

මේෂ
වෘත්තීය ජය­ග්‍ර­හණ

වෘත්තිය තත්ත්වය වෙනස් වෙයි. තමාට මග­තොට වූ අත­වර අව­සන් වෙයි. කොයි කාගේත් ඇප උප­කාර ලැබෙයි. අත­මිට සරු­වෙයි. වාහන, ඉඩම්, නිවාස හිමි­කම පෙන්වයි. තම සහෝ­දර සහෝ­ද­රි­යන් අතර ප්‍රමු­ඛ­ත්වය ලැබෙයි.

වෘෂභ
පුණ්‍ය­වන්ත වෙයි

පුණ්‍ය­වන්ත වෙයි. පෙර පිං පල­දෙයි. තම එදි­නෙදා කට­යුතු ලෙහෙ­සි­යෙන් ඉටු­කර ගැනී­මට ද රට­තොටේ ප්‍රච­ලිත වීමට ද හේතු­වෙයි. ජීවි­තයේ බොහෝ පරි­ත්‍යා­ග­ශීලී බවක් මතු කරයි.

මිථුන
හදිසි අන­තුරු ගෙනෙයි

ප්‍රවේ­ශම් විය­යුතු දිනකි. විශේ­ෂ­යෙන් වැටීම් තැළීම් බහුල වෙයි. උගුරේ අස­නීප සිදු­වෙයි. විය­පැ­හැ­දම් බහුල වන අතර, කිසි­යම් ආර්ථික පාඩු­ව­ක­ටද හේතු වෙයි.

කටක
සමා­ජයේ කැපී පෙනෙන තත්ත්ව­යක්

අවි­වා­හක අයට මංගල යෝජනා ගලා එයි. තරුණ තරු­ණි­යන්ගේ බලා­පො­රොත්තු සප­ල­වන අතර නව ආදර සබ­ඳතා දලු­ලනු ඇත. ආර්ථික අධ්‍යා­ත්මික දියු­ණුව හා සමා­ජයේ කැපී පෙනෙන තත්ත්ව­යට පත්වේ.

සිංහ
වාස­ස්ථා­න­යෙන් බැහැර යාමක්

දුර බැහැර ගමන් යෙදේ. නීරෝ­ගිව සිටි­යත් තමා විසින් සිදු­ක­ර­ගන්නා වැරදි නිසා දොස් පරොස් අස­න්නට සිදුවේ. තම වාස­ස්ථා­න­යෙන් දුරස්ව කට­යුතු කිරී­මට ද සිදු­වනු ඇත.

කන්‍යා
උසස් අධ්‍යා­පන ප්‍රති­ඵල

ඉතා සුබයි. ඉගෙන ගන්නා වයසේ අයකු නම් උසස් අධ්‍යා­පන ප්‍රති­ඵ­ලද සම්මුඛ පරී­ක්ෂ­ණ­ව­ලින් ජයද හිමි­වනු ඇත. බොහෝ කළ­කි­රීම් විය­හැකි වුවද තම ආද­ර්ශ­මත් ජීවි­තය නිසා නිසි වේලා­වට තමාට ගැල­වි­ල්ලට කිසි­වකු සිටී.

තුලා
වෙළෙඳ ව්‍යාපාර සරුවේ

වෙළෙඳ ව්‍යාපාර සරුවේ. මිත්‍ර සංගම් අධික වුව­හොත් නොසැ­ල­කි­ලි­මත් නොවු­ව­හොත් අධික සිත් තැවුල් බල පවත්වා යම් යම් විර­සක උදා­විය හැකිය.

වෘශ්චික
දේපළ හිමි­කම්

දේපළ හිමි­කම් මතු කෙරේ. නි‍ෙව­ස­කට ඉඩ­ම­කට තිබූ ඉල්ලුම නිසා සුහ­ද­තාව මත විය හැකිය. අන­තු­රු­ස­හ­ගත විය හැකිය. ප්‍රමාද වූ නව ජීවි­තය යහ­පත උදාවේ.

ධනු
හදිසි ධන යෝග

හදිසි ධන යෝග හිමිවේ. ඒ අතර ලොත­රැයි ජය හිමි­වී­මට උර­හිස ආශ්‍රිත උව­දුරු පෙනෙ­න්නට ඇති අතර ප්‍රවේ­සම තුළින් ඒවා මඟ­හ­රවා ගත හැකිය. නි‍ෙවසේ යම් පුණ්‍ය කට­යු­ත්ත­කට මඟ සැලසේ.

මකර
සිතේ අධි­ෂ්ඨා­නය සපල වේ

සිතේ අධි­ෂ්ඨා­නය දැඩි වෙයි. ඉදි­රි­ප­ත්වීමේ ආසාව පවතී. තම හිත­මි­තු­රන්, ඥාතීන් වෙනු­වෙන් ඇප­කැ­පව කට­යුතු කෙරෙනු ඇත. අධ්‍යා­පන ජය­ග්‍ර­හ­ණ­ය­කට හේතුයි.

කුම්භ
සමාජ විෂ­ම­තා­ව­ලට විරුද්ධ වේ

තම එදි­නෙදා කට­යු­තු­වල කිසි­යම් අවු­ල්ස­හ­ගත බවක් දක්නට ලැබේ. සමාජ විෂ­ම­තා­ව­ලට විරු­ද්ධව කට­යුතු කිරී­මට පෙලඹේ. දුර­ස්ථව සිටි අය තම සමී­ප­යට පැමිණේ. දූර­දර්ශී වෙයි.

මීන
නව ආර්ථික සැලැ­ස්මක්

නව ආර්ථික සැලැ­ස්ම­කට අනුව කට­යුතු කිරී­මට පෙලඹේ. රැකියා අභි­වෘ­ද්ධිය සැලසේ. හුදු විනෝ­දා­ස්වා­ද­යට කැපවේ. පොදු සමාජ කට­යු­තු­ව­ලදී ප්‍රමු­ඛ­ත්වය ගනී. බොහෝ සිත සතු­ටු­වන අංශ කෙරේ යොමුවේ.

සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී අජිත් ධර්මසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT