Home » අමෙරිකානු මැතිවරණ උණුසුම මැද චීන ගුවන්යානා 35ක් තායිවාන අහසේ

අමෙරිකානු මැතිවරණ උණුසුම මැද චීන ගුවන්යානා 35ක් තායිවාන අහසේ

by mahesh
November 8, 2024 1:00 am 0 comment

අමෙරිකාවේ ජනාධිපතිවරණ උණුසුම අතරතුර චීන මහජන විමුක්ති හමුදාවට අයත් බෝම්බ හා ප්‍රහාරක ගුවන්යානා 35ක් තායිවාන ගුවන් සීමාව උල්ලංඝනය කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීන ප්‍රහාරක ගුවන් යානා තායිවාන දේශසීමාවට ඇතුළු වී ඇත්තේ පැසිෆික් කලාපයේ හමුදා අභ්‍යාසවල නිරතවන අතරතුර බවත්, අඛණ්ඩව දින දෙකක් පුරා එම සිදුවීම් වාර්තා වූ බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ සිදුවීම හෝ තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනය පිළිබඳ චීන ආරක්ෂක අමාත්‍යාංශය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවත්, එය සිදුවී ඇත්තේ අමෙරිකාවේ ජනාධිපතිවරණයට දිනකට පෙර බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පසුගිය මාසයේදී චීන හමුදාව තායිවාන ගුවන් සීමාව ආසන්නයේ විශාල හමුදා අභ්‍යාසයක් සිදු කළ බවත්, එම හමුදා ක්‍රියාකාරකම් තායිවානය මෙන්ම අමෙරිකාව හෙළා දැක ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT