Home » අමෙරිකාවට ස්වර්ණමය යුගයක්

අමෙරිකාවට ස්වර්ණමය යුගයක්

ජයග්‍රාහී දේශනයේදී ට්‍රම්ප්ගෙන් පොරොන්දුවක්

by mahesh
November 8, 2024 1:00 am 0 comment

අමෙරිකාවට ස්වර්ණමය යුගයක් අත්කර දෙන බව ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජයග්‍රාහී දේශනයේදී ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් වීමටත් පෙර ඔහු සහ රිපබ්ලිකන් පාක්ෂිකයන් ජයග්‍රහණය සැමරූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අමෙරිකානු ඉතිහාසයේ විශිෂ්ටතම දේශපාලන පෙරළිය ලෙස සිය ජයග්‍රහණය හඳුන්වා දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙස්ට් පාම් බීච් සම්මේලන මධ්‍යස්ථානයේදී එම කතාව සිදු කළ අතර, බිරිය මෙලනියා සහ බාල පුතු බාරොන් ට්‍රම්ප් ද, වැඩිමල් දියණිය ඉවංකා හා ඇගේ සැමියා ඇතුළු පවුලේ සියලු සාමාජිකයන් එම අවස්ථාවට එක්වූ බව වාර්තා වේ.

සියලු අමෙරිකානුවන්ට සමෘද්ධිමත් යුගයක් උදා කරනතුරු විවේක නොගන්නා බවට ප්‍රතිඥා දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග යුද්ධය සිහිපත් කරමින් තමා ජනපති ධුරයට පත්වූයේ යුද්ධ කිරීමට නොව පවතින යුද්ධ නැවැත්වීමට බව ප්‍රකාශ කිරීම ඊශ්‍රායලයට දුන් පිළිතුරක් බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT