Home » කේරළ ගංජා තොග තබාගත් පුද්ගලයෙක් දැලේ

කේරළ ගංජා තොග තබාගත් පුද්ගලයෙක් දැලේ

by mahesh
November 8, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (06) කිළිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත කිළිනොච්චිය පොලිස් වසමේ කිළිනොච්චිය විශ්වවිද්‍යාලය ආසන්නව පොන්නගර්මත්ති, අරවියනගර් ප්‍රදේශයේදී වැටලීම සිදුකර ඇත.

එහිදී කේරළ ගංජා කිලෝ 06 ග්‍රෑම් 210ක් සන්තකයේ තබාගෙන සිටි කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයකු ජංගම දුරකතනයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිළිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT