Home » අගමැතිනි හරිනි කැලණි පුදබිමට

අගමැතිනි හරිනි කැලණි පුදබිමට

by mahesh
November 8, 2024 1:00 am 0 comment

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය කැලණිය රජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති,ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය. අගමැති ධුරයට පත්වීමෙන් පසු ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය කැලණිය රජමහා විහාරස්ථානය වැඳ පුදාගත් පළමු අවස්ථාව මෙයයි.

කැලණිය රජ මහා විහාරස්ථ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා විසින් අගමැතිනිය ගෞරවයෙන් කැලණි පුදබිමේ දී පිළිගන්නා ලදී. කැලණිය රජමහා විහාරාධිකාරි කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්ඛිත හිමියෝද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අගමැතිනිය මෙහිදී නායක හිමියන් සමඟ සුහද කතාබහක නිරත වූ අතර දුරුතු පෙරහර මංගල්‍ය පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමියන් ඇතුළු මහා සංඝරත්නය හා කොළඹ රුසියානු මන්දිරයේ ප්‍රධාන විධායක නිලධාරි බුද්ධප්‍රිය රාමනායක මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT