අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සහ මහජන චීන සමූහාණ්ඩුවේ හෙනාන් පළාතේ උපදේශක කමිටුවේ උප සභාපති Liu Jiongtian මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු චීන නියෝජිතයන් අතර හමුවක් අගමැති කාර්යාලයේ ඉකුත්දා (05) පැවැත්විණි. ශ්‍රී ලංකාව හා හෙනාන් පළාත අතර පවත්නා ඓතිහාසික සම්බන්ධතාව, සේද මාවත හරහා ඈත අතීතයට දිවයන සංස්කෘතික බැඳීම්වලින් වර්ධනය වූවක් බව අගමැති ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය. හෙනාන් පළාතේ පවත්නා නවීන කෘෂි තාක්ෂණය, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන, විද්‍යුත් වාහන හා ජංගම දුරකතන නිෂ්පාදන කර්මාන්ත සහ අනෙකුත් තාක්ෂණික නවෝත්පාදන පළාතේ ආර්ථිකයට ඵලදායීව දායක වන ආකාරය සම්බන්ධව Liu Jiongtian මහතා විසින් අගමැති ලේකම්වරයා වෙත පැහැදිලි කළේය.
වෘත්තීය, තාක්ෂණික, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අංශ ඔස්සේ ද සංචාරක හා සංස්කෘතික හුවමාරු වැඩසටහන් සහ නව ආර්ථික සහයෝගිතාවන් මඟින් දෙරට අතර අඛණ්ඩ සබඳතාව වර්ධනය කරගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කරන ලදි. හෙනාත් පළාත් සංස්කෘතික උරුම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් Ren Wei, හෙනාන් පළාත් විදේශ කටයුතු කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Ai Fan සහ හෙනාන් පළාත් ආසියානු හා අප්‍රිකානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ Guo Hua, අගමැති අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.