Home » ඡන්ද නීති කැඩූ 295ක් අත්අඩංගුවේ අපේක්ෂයෝ 8කුත් ඒ අතර

ඡන්ද නීති කැඩූ 295ක් අත්අඩංගුවේ අපේක්ෂයෝ 8කුත් ඒ අතර

by mahesh
November 8, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

මහ මැතිවරණයට අදාළ නීති කඩකිරීම් සම්බන්ධයෙන් මේ වන විට අපේක්ෂයන් 08ක් හා ආධාරකරුවන් 287ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

ඊට අමතරව සමස්ත පැමිණිලි 273ක් ලැබී ඇති අතර අපරාධමය පැමිණිලි 45ක්, මැතිවරණ නීති උල්ලංඝනය කළ පැමිණිලි 272ක් ලැබී ඇති බව පැවැසූ ඒ මහතා පෞද්ගලික වාහන 63ක් හා පෝස්ටර් ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බව හෙතෙම කීවේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

මහ මැතිවරණය සම්බන්ධයෙන් පනතක් තිබෙනවා 1980 පනතේ තිබෙන දේ සම්බන්ධවයි පොලිසිය කටයුතු කරන්නේ. මැතිවරණය සම්බන්ධ ප්‍රචාරය කියන මැතිවරණ නීතිය යටතේ පාලනය කරලා තිබෙනවා. ප්‍රචාරණය කියන එක නීතියත් ලෙස ගත්තොත් සමස්තයක් ලෙස තහනම්. නමුත් ව්‍යතිරේඛයන් විදියට අවස්ථා දීලා තිබෙනවා. පෝස්ටර් මැතිවරණ රැස්වීමක් තිබෙන ස්ථානයක ප්‍රදර්ශනය කරන්න පුළුවන්. මැතිවරණ කාර්යාලයේ ප්‍රදර්ශනය කරන්න පුළුවන්. අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ ප්‍රදර්ශනය කරන්න පුළුවන්. මැතිවරණ රැස්වීමක් තිබෙනවා කියන තොරතුරු ඇතුළත්ව පෝස්ටර් ප්‍රචාරණය කිරීමේ හැකියාව තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT