Home » අවු: 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනමකට ඔස්ට්‍රේලියාවේ අවධානය

අවු: 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනමකට ඔස්ට්‍රේලියාවේ අවධානය

by mahesh
November 8, 2024 1:00 am 0 comment

ලොවටම ආදර්ශයක් සපයමින් අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍යජාල තහනම් නීතියක් හඳුන්වා දෙන බව ඔස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔස්ට්‍රේලියානු අගමැති අන්ටෝනි ඇල්බනිස් ප්‍රකාශ කර ඇත්තේ යෝජිත නීතිමාලාව ලබන සතියේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. ඔස්ට්‍රේලියානු රජයේ අරමුණ එරට දරුවන් කෙරෙහි ඇති කරන අයහපත් බලපෑම් අවම කිරීම බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

යෝජිත නීතිමාලාව වැඩිදුරටත් පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ඇතැයි ද, දැනටමත් සමාජ මාධ්‍යජාලයට එක්වී සිටින තරුණ පරපුරට එම තහනම බල නොපානු ඇතැයි ද ඔස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT