Home » ගුවන් හමුදා සාම සාධක රාජකාරියෙන් මහා භාණ්ඩාගාරයට කෝටි 3,790ක්

ගුවන් හමුදා සාම සාධක රාජකාරියෙන් මහා භාණ්ඩාගාරයට කෝටි 3,790ක්

by mahesh
November 8, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වසරේ සිට මේ දක්වා සාම සාධක රාජකාරි සඳහා සම්බන්ධවීමෙන් රුපියල් කෝටි 3, 790ක මුදලක් (අමෙරිකානු ඩොලර් මිලියන 130 ) මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට කටයුතු කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාමේ නිලධාරීන් 20 දෙනකු සහ ගුවන් භටයන් 88 දෙනකුගෙන් සමන්විත ගුවන් සේවා ඒකකයේ තවත් කණ්ඩායමක් සාමසාධක මෙහෙයුම් සඳහා දෙසැම්බර් මස මුල් සතියේ දී මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා පිටත්ව යාමට නියමිතය.

ඔවුන්ගේ විසිර යාමේ පෙළපාළිය ඉකුත් දා කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරි කටයුතු අනුයුක්ත කරනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් විසින් මධ්‍යම අප්‍රිකානු ජන රජයේ සංග්‍රාමික මෙහෙයුම්වලට දායකත්වය ලබාදීමට අමතරව භට පිරිස් ප්‍රවාහනය, ප්‍රභූ ප්‍රවාහනය, ආහාරපාන සහ භාණ්ඩ ප්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම, වෛද්‍ය ප්‍රවාහන කටයුතු සඳහා සහාය දක්වනු ලැබේ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT