Home » මැතිවරණ ප්‍රචාරණ වැඩ 11දා රෑ12න් අවසන්

මැතිවරණ ප්‍රචාරණ වැඩ 11දා රෑ12න් අවසන්

by mahesh
November 8, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

මෙවර මහමැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු 11 වැනි සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අතර මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඊයේ (07) සහ අද (08) සිදු කිරීමට නියමිතය.

ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 01 සහ 04 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයන්ට ඊයේ දිනයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව තමා රාජකාරි සිදුකරන ස්ථානයන්ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදුකළ හැකි බව ද එම කොමිෂන් සභාව පැවසීය.

මේ අතර ඉදිරි මහමැතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේ පැවසීය.

Ò 11 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට නිහඬ කාලය ඇරඹෙනවා. ඒ කාලයේ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් නොකළ යුතුයි. අපේක්ෂකයන්ගේ පවුලේ අයට ඡන්ද ආයාචනා කිරීමේ හැකියාවක් නෑ. ගෙයින් ගෙට යන්න බෑ. මෙය නීතිවිරෝධී ක්‍රියාවක්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT