Thursday, May 15, 2025
Home » ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිනි ගීතාමණී කරුණාරත්න කළමනාකරණ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ජේ. මාරසිංහ

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිනි ගීතාමණී කරුණාරත්න කළමනාකරණ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ජේ. මාරසිංහ

by mahesh
November 8, 2024 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිනි ගීතාමණී කරුණාරත්න මහත්මිය සහ නව කළමනාකරණ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ජේ. මාරසිංහ මහතා සිය ධුරයන්හි වැඩ බාර ගැනීම මහරගම නාවින්නේ පිහිටි එම සංස්ථාවේදී සිදුකෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මෙම පත්වීම් සිදු කර ඇති අතර ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිනි ලෙස පත් වූ ගීතාමණී කරුණාරත්න මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා රැඳවියන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ සහ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද කටයුතු කර තිබේ.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් සංවර්ධන ලෙසද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන ලෙසද කටයුතු කර ඇති ඇය තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ලෙසද සේවය කර තිබේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිධාරිනියක සේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක වන ඇය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දරමින් කටයුතු කළ අත්දැකීම් බහුල නිලධාරිනියක වේ.

කළමනාකාර අධ්‍යක්ෂ ලෙස පත් වූ වෛද්‍ය එම්.ජේ. මාරසිංහ මහතා කොළඹ මහ නගර සභාවේ ස්වදේශ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානී ලෙසත්, කලක් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ලෙසත් සේවය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT