Home » ක්ලබ් වසන්ත ඝාතනයට රැඳවුම් භාරයේ සිටි සැකකරුවන් 4ක් මුදාහැරේ

ක්ලබ් වසන්ත ඝාතනයට රැඳවුම් භාරයේ සිටි සැකකරුවන් 4ක් මුදාහැරේ

by mahesh
November 8, 2024 1:00 am 0 comment

කල්පනි අබේසිංහ

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් “ක්ලබ් වසන්ත” ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටි සැකකරුවන් සිව්දෙනකු මුදා හරින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා ඊයේ (7) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව සැකකරුවන් දින අනූවක් රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලැබූ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් සියලු දෙනාගේ සම්බන්ධයක් නොමැති බවට එහිදී කරුණු අනාවරණය වූ බැවින් ඔවුන් නිදහස් කරන ලෙසට ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය කරන ලදී ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කෙරුණි.

මෙලෙස මුදා හරිනු ලැබුවේ ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයේ දින 90ක් තබාගෙන විමර්ශන කටයුතු සිදු කළ ඇන්ටනී සුදර්ශන, හර්ම්ස්න්ට් ගීත්‍රන් මෝසන්, අර්නස් රාජ් සහ තෝමස් ගෝඩ් කෝත්ක් යන පුද්ගලයන්ය.

මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු කඩුවෙල අධිකරණයට ඊයේ දින ඉදිරිපත් කිරීමට නියමිත බවද ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම වසරේ ජනවාරි සඳුදා (08) උදෑසන 10ට පමණ අතුරුගිරිය මංසන්ධියේ ටැටූ නිර්මාණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ක්ලබ් වසන්ත සහ අතුරුගිරිය රතුවිලවත්ත පදිංචි නයන වාසුල විජේසූරිය නමැති 37 හැවිරිදි පුද්ගලයා මිය ගිය බව එම අවස්ථාවේදී ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් සියලු දෙනා මුදා හැරීමට ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT