– පැරණි පෙම්වතාගෙන් පළිගන්න කළ වැඩක් !
– පොලීසියට යන්නේ අලුත් පෙම්වතා එක්ක
සිය පැරණි පෙම්වතා තවත් දෙනකු සමඟ තමාව පැහැරගෙන ගොස් අතරවර කළැයි කියමින් තරුණියක කළ ව්‍යාජ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කර ඇයට එරෙහිව නඩු පවරන බව රාගම පොලිසිය පවසයි.
මෙම තරුණිය ඇගේ පැරණි පෙම්වතාගෙන් පළිගැනීම සඳහා ව්‍යාජ රංගනයක යෙදෙමින් මෙම පැමිණිල්ල කර ඇති බවට ඇගේ ජංගම දුරකතනයේ සඳහන් අංක ඔස්සේ කළ විමර්ශනයකදී හෙළිව ඇතැයි පොලීසිය කියයි.
වත්තල පරණ මීගමුව පාරේ පිහිටි තම නිෙවසට යන අතරතුරදී සිය පැරණි පෙම්වතා තවත් තරුණයන් දෙදෙනකු සමඟ ත්‍රිරෝද රථයකින් පැමිණ තමාට පහරදී පැහැරගෙන ගිය බවට මෙම තරුණිය මුලින්ම පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලීසිය සඳහන් කරයි. ත්‍රිරෝද රථයේදී තමාට සිහිසුන් වූ අතර, ඇහැරී බලන විට කාමරයක ඇඳක් මත සිටි බවත් තමාට ලිංගික අතවර සිදුවී ඇති බවත් තරුණිය සිය ප්‍රකාශයෙන් සඳහන් කර තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
එම පැමිණිල්ලට අනුව ඇගේ පැරණි පෙම්වතා බව කියන වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පොලිසියට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව සැකපිට අත්අඩංගුවට ගෙන ඉකුත් 05 වැනිදා වැලිසර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ශරීර ඇප මත මුදාහරිනු ලැබූ බවද පොලිසිය කියයි. මෙසේ තිබියදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී සිද්ධිය වූ බවට සඳහන් දිනයේ තරුණිය විසින් ලබාගත් අවසන් දුරකථන ඇමතුම ඔස්සේ ඉතා සූක්ෂ්ම අන්දමින් විමර්ශන සිදුකළ බවත්, ඇය අවසන් වරට ලබා ගත් දුරකථන ඇමතුම ඇගේ හොඳම යෙහෙළියට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි. ඒ අනුව, මෙම පැහැරගැනීම තරුණිය විසින්ම නිර්මාණය කළ සැලසුමක් බවට අනාවරණය වූ බව පොලීසිය කියයි.
එමෙන්ම මෙම තරුණිය ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගිය බව කියන ස්ථානයේ ඇති ආරක්ෂිත කැමරා පරීක්ෂා කළද එම ස්ථානයේ එවැනි සිදුවීමක් දක්නට ලැබී නැතැයි ද පොලිසිය සඳහන් කළේය.
මෙම තරුණිය එදින රාත්‍රිය ගත කර ඇත්තේ ඇගේ හොඳම යෙහෙළියගේ නිෙවසේ වන අතර, තමන්ව පැරණි පෙම්වතා පැහැරගෙන විත් හිරිහැර කළ බවට සඳහන් කරමින් ඇය රැඳී සිටි කාමරයේ සිට ලබාගත් සෙල්ෆි ඡායාරූප ඇගේ දෙමවුපියන්ට සහ මුහුණුපොතට ද එක්කර තිබූ බවත් පොලිසිය පැවසීය.
මෙම තරුණිය පොලිසියට පැමිණිලි කළ අවස්ථාවේදී සඳහන් කර තිබුණු පැරණි පෙම්වතා පැහැරගෙන යන අවස්ථාවේදී අස්ථානගත වූ බව කියූ ඇගේ රන්මාලය යෙහෙළිය සතුව තිබී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කීය. ‘මේක අරන් තියන්න. තාත්තා මට ගහන වෙලාවක මේකත් මගේ අතින් නැතිවේවි’ යැයි පවසමින් ඇය මිතුරියට රන් මාලය ලබා දුන් බව එම තරුණිය ප්‍රකාශ කළ බවද පොලිසිය සඳහන් කරයි.
වත්තල පරණ මීගමුව පාරේ පදිංචිකාරියක වන මෙම තරුණිය මේ වන විට ඇගේ මව භාරයේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍ය වාර්තාව ලබා ගැනීමෙන් පසු ඇය සිදුකළ ව්‍යාජ පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර නීතිමය පියවර ගන්නා බවත් පොලිසිය සඳහන් කළේය.
නුගේගොඩ ප්‍රදේශයේ සැලුනයක රැකියාවේ නිරතවන තම දියණිය ඉකුත් 5 වැනිදා සේවයට ගොස් යළි නිෙවසට නොපැමිණි බව සඳහන් කරමින් පොලිසියට මුල් පැමිණිල්ල කර තිබුණේ ඇගේ මව විසින් බව ද පොලිසිය කියයි.
රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල හේරත්, ළමා හා කාන්තා කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂක කුමාරිහාමි, පොලිස් කොස්තාපල්වරුන් වන (92471) ජයරුවන්, (103397) දිල්ශාන්, (94046) රණවීර, කාන්තා පොලිස් කොස්තාපල් (12660) සුදර්ශී යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරති.