Home » බිලියන අසූවක් එක රැයින් රජයට ගන්න ෆයිල් මම දෙන්නම්

බිලියන අසූවක් එක රැයින් රජයට ගන්න ෆයිල් මම දෙන්නම්

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ධනංජය නාරංබැද්ද

by mahesh
November 8, 2024 1:00 am 0 comment

පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

බිලියන 80ක මුදල් එක රැයෙන් රජයට ගන්න ෆයිල් මම දෙන්නම් යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක, මාධ්‍යවේදී ධනංජය නාරංබැද්ද මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (06) කළුතර පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

“2005 වසරේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා, ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් අනතුරට පත් රථවාහනවලින් රක්ෂණ සමාගම්වලට ජාතික රක්ෂණ භාරකාර අරමුදලට සියයට 30ක් ගෙවන්න කියලා. නමුත් රක්ෂණ සමාගම් එම මුදල් එම ගිණුමට බැර කර නෑ කියන තොරතුරු අපි ළඟ තියෙනවා. එම මුදල් ඔවුන් පරිහරණය කරනවා. මේ මහමැතිවරණයට පෙර එම මුදල් රජයට අය කර ගන්න.

එදා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මේ රක්ෂණ සමාගම් ඩැහැගත්තා. එම මුදල් පසුගිය ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට විශාල දායකත්වයක් දුන්නා කියලා තොරතුරු වාර්තා වුණා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT