මෙතෙක් පැවැති සාම්ප්රදායික දේශපාලන රාමුව තුළ වෙනසක් බලාපොරොත්තු වන මේ මොහොතේ එම වෙනස ළඟා කර දිය හැකි වන්නේ මේ මහපොළොවේ සැබෑ රිද්මය හඳුනාගත් මහජන නියෝජිතයන්ට පමණක් බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ මාතලේ දිස්ත්රික් අපේක්ෂක සමන් කේ. විජේනායක මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා මාතලේ පැවැති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මේ රට හදන්න අවම වශයෙන් තව අවුරුදු 25ක් වත් යනවා. එය කුඩා අවදියේ සිට දරුවන්ගේ ආකල්ප හා සාරධර්ම සංවර්ධනය තුළින් කළ යුතුයි. ඒ සඳහා දිගු කාලයක් කැපකොට රටට උචිත මිනිසුන් බිහි කිරීමේ ක්රමවේදයක් හඳුනාගෙන ඊට ගැළපෙන පරිදි දේශපාලනික මහජන සේවයක් ක්රියාත්මක කිරීමේ වගකීම අප වෙත පැවරී තිබෙනවා. රටක් කොන්ක්රීට්වලින් පමණක් සංවර්ධනය කර වැඩක් නෑ.