අපි පොදු ජන පෙරමුණ ළඟින්ම අරඹමු?
මම කොළඹ දිස්ත්‍රික්කයෙන් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන කණ්ඩායමේ නායක විදියට කටයුතු කරනවා. එය 20 දෙනකුගෙන් සැදුම් ලද්දක්. කොළඹ නගර, ගම්මාන සිය ගණනක ඇවිදිමින් අපි මේ වන විටත් ජනතාව අපි පොදුජන පෙරමුණට ඡන්දය භාවිත කළ යුත්තේ ඇයි කියලා ජනතාව දැනුවත් කරමින් සිටිනවා. අනෙක, ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වූ කාලයක් මේ.
කොළඹ නගරය සංචාරක කර්මාන්තය ඇතුළු බොහෝ පැතිවලින් කතාබහට ලක් වෙනවා. එහි නවීකරණයක් විය යුතු යැයි ඔබ සිතනවාද?
සත්තකින්ම. ඉකුත් ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කාලයේ සිටම ඒ ගැන ඇපකැපවී කටයුතු කළ අන්දම අමුතුවෙන් විස්තර කළ යුතු නැහැනේ. එදා අපි ජනතාවට දායාද කළ හරිත වර්ණ නගරය අද වන විට එහෙමමද කියලා කාටත් හොඳින් දැක ගන්න පුළුවන්නේ. ඒත් එතැනදී දේශපාලන නියෝජනයට පමණක් නෙවෙයි, මහජනතාවටත් විශාල වැඩ කොටසක් පැවරෙනවා. ඉවත දමන කෑම කොළ, අප ජලය, හිස් ටින්, කෝප්ප තැන තැන දමනවා නම් එයින් අවලස්සන වන්නේ අපේම කොළඹ නගරයමයි.
ඒ එකක්. අනෙක, අද පොඩි වැස්සටත් කොළඹ නගරයේ තත්ත්වයයි. ඒක හරිම කනගාටුදායකයි. කාණු උතුරා යනවා. මහ පාරේ යන්නවත් බැරි තරමට වැහි වතුර බොහෝ තැන්වල පිරෙනවා. එය ජීවිත හානිවන තැනටත් දුරදිග ගිහින්. කොළඹ බොහෝ තැන් එහෙමයි. ඒත්, මේ ගැන දේශීය වශයෙන් නෙවෙයි, මහජන මුදලින් විදෙස් රටවලට යවා පුහුණු වී පැමිණි නිලධාරින් හුඟ දෙනකු මෙරට සිටිනවා. ඒ අය පළාත් පාලන ආයතන ඇතුළු රජයේ ආයතනවලට වී සිටියත් ඔවුන්ට නිසි වගකීම් පමුණුවා වැඩ ගන්නා බවක් තවමත් පෙනෙන්නට නැහැ.
ඒ පිළිබඳ ඔබලාගේ වැඩපිළිවෙළ?
අපිට මහමඟ එවැනි ගැටලුකාරී තැන් හඳුනාගෙන, ඒ කොටසින් කොටස ඒ පිළිබඳ වෘත්තීයමය දැනුමැති, ඉංජිනේරුවරුන්ට බාර දෙන්න පුළුවන්. ඒ අනුව ඒ අය අදාළ කොටස් පිළිබඳ වගකියන්න ඕනෑ. ජනතාවට එහෙම වගවීමක් තියෙන්නම ඕනෑ. කොළඹට විතරක් නෙවෙයි, දුර පළාත්වලටත් ඒක එහෙමම වෙනවා නම් වැඩක් වෙයි, එහෙම නැතිනම් මේ රට හදන්න අමාරුයි. හැබැයි, අනිවාර්යයෙන්ම අපිට ඒක කරන්න පුළුවන්.
ගංවතුර ගැනත් කතා නොකර බැහැ?
ඔව්. කොලොන්නාව ඒ ගැටලුවේ එක් සංධිස්ථානයක්. එතැනින් පොම්ප කරමින් මේ ගැටලුව නිරාකරණයට නම් රුපියල් මිලියන 600ක පමණ වියදමක් යනවා. ගංවතුර මුහුදට ගලා යන එය විධිමත් පියවරක්. ඒ ප්‍රධාන තැනක්. අනෙක් තැන් ගත් විට, එහි මහජනතාවගේම වැරදි සහ අඩුලුහුඩුකම් දක්නට පුළුවන්. ඇළ, වේලි අවහිර වන තැනට කටයුතු කරලා. අනවසර ඉදිකිරීම් ගැටලුව එතැනදීත් බලපානවා. ඉතින්, ඊට නිසි පිළියම් යොදන්න ඕනෑ. විශේෂයෙන්ම අවහිර වූ ඇළ, වේලි, පිළිසකර කරන්න වෙනවා. එතැනදී අගතියට පත් වන ජනතාවට හොඳ පහසුකම් සහිතව වෙනත් වාසස්ථාන ආදිය සපයා දිය යුතුයි.
ඔබ කලාව හා දේශපාලනය දෙකේම නිරත අයෙක්. ඒක වාසියක්ද?
මෙහෙමයි. එක් සංස්කෘත ශ්ලෝකයකින්, කලාව, සාහිත්‍යයට ලැදි නැති තැනැත්තා වලිගය නැති ගවයකුටත් උපමා කළානේ. ඉතින්, මං කියන්නේ දේශපාලනඥයා විතරක් නෙවෙයි. ඕනෑම අයකුට කලාව, රසවින්දනය අවශ්‍යයි. ‘කලාවට ළැඳි සිත කැලෑවට නොයනු ඇත’ කියලා කතාවකුත් තියෙනවානේ. අද හැදෙන පරපුර දිහෑ බලද්දී වැඩිහිටියන්ට එහි වැදගත්කම වෙනදාටත් වඩා දැනෙනවා ඇතිනේ.
ජාතික ආරක්ෂාව ගැන ඔබෙන් විමසා නොසිටියොත් ඒක අඩුපාඩුවක්?
ජාතික ආරක්ෂාව රටක ප්‍රමුඛතම අංගයයි. බුද්ධි තොරතුරු ඇතුළු ඒ කෙරෙහි ආණ්ඩුව නිසි අවධානය යොමු කළ යුතුම වෙනවා. එතැනදී කොළඹ සහ පිට පළාත්වල මුර කපොලු ඉවත් කිරීම්, පාරවල් විවෘත කිරීම් ජනප්‍රිය තීන්දු යැයි සිතා නොසළකන්නැයි ආණ්ඩුවට අවධාරණය කරන්නත් කැමැතියි. යම් විදියකින් ත්‍රස්තවාදය හිස ඔසවන්නට වුණොත් එවිට ඒ ගැන කනගාටුවෙලා වැඩක් නැති වෙයි. මං ජ.වි.පෙට කියන්න තියෙන්නේ, මුලින්ම දළදා මාලිකාව වටා ඇති අදටත් වසා දැමුණු මාර්ගය මුලින් විවෘත කරමින් එදා කළ ඓතිහාසික වරද ගැනත් කනගාටුව පළ කරමින් ජාතියෙන් සමාව ගන්නැයි ඉල්ලා සිටිනවා.
ඔබ ජිනීවා මානව හිමිකම් සමුළුව ඇතුළු ජාත්‍යන්තරයෙන් මෙරටට එල්ල වන මානව හිමිකම් චෝදනා පිළිබඳත් නිතර කතා කරනවා?
1987දී ප්‍රභාකරන්ව රජයේ හමුදා අඩපණ කළ අවස්ථාවේදී මෙරටට යුද්දය අවසන් කළ හැකිව තිබුණා. ඒත් ඇතැම් විදෙස් බලවතුන්ගේ වුවමනාවට එය වැළකුණා. ඉන් අනතුරුවත් විදෙස් නියෝජිතයන් රැසක්ම මෙරටට එමින් ඊට කැසකැවූ හැටි ජනතාවට අමතක නැහැනේ. එපමණක් නෙවෙයි, 2009 යුද ජයග්රහණයෙන් පසුව නොයෙක් වෙසින් ඔවුන් අපට චෝදනා කරනවා. ඒවා පදනම් විරහිතයි. ඒක පාර්ශ්විකවයි ඒ අය යුද අපරාධ, මානව හිමිකම් කඩ කිරීම් ආදී චෝදනා නිතර කරන්නේ.