– පාඩුව ලක්ෂ තුනට වැඩියි
– හොරු ගැන කිසිම හෝඩුවාවක් නෑ
කුරුඳු තැළීමට පැමිණ රුපියල් 260,000ක් වටිනා කුරුඳු සහ වියදම් පිණිස දුන් රුපියල් 60,000ක මුදලක් රැගෙන පලා ගිය බව කියන තිදෙනකු අත්අඩංගුවට ගැනීමට තෙබුවන පොලිසිය පරීක්ෂණ පවත්වයි. සංචාරක ව්‍යාපාරිකයකු වන ගල්පාත, පරදූව ප්‍රදේශයේ පදිංචි වික්‍රමසූරිය රන්පටබැඳිගේ ශානික ප්‍රශාන් අබේවර්ධන යන අය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මෙම පරීක්ෂණ ආරම්භ කොට තිබේ. තම බිරියට අයත් මහදුරුපිටියේ ඉඩමේ කුරුඳු තැළීම සඳහා ෆේස්බුක් මඟින් බළපිටියේ අයකු සොයාගත් බවත් ඔහු තවත් දෙදෙනකු සමඟ පැමිණ කුරුඳු තැළීම සිදු කළ බවත්, ඉකුත් 5 වැනිදා ඉඩමට ගොස් බලන විට ඔවුන් පිටව ගොස් තිබූ බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ. ඔවුන් රුපියල් 260,000ක් වටිනා කුරුඳු කිලෝ 70ක් සහ වියදමට දුන් රුපියල් 60,000ක මුදල ද රැගෙන ගොස් ඇති බවත් ඔවුන්ගේ ලිපින තමා නොදන්නා බවත් ඔහු කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. තෙබුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. රාජරත්න මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.