Home » දෙගම්බද මහා විහාරයේ වාහල්කඩ මල්වතු අනුනාහිමියන්ගේ සුරතින් සසුනට

දෙගම්බද මහා විහාරයේ වාහල්කඩ මල්වතු අනුනාහිමියන්ගේ සුරතින් සසුනට

by mahesh
November 8, 2024 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

වාද්දුව, මොල්ලිගොඩ, දෙගම්බද මහා විහාරයේ අභිනවයෙන් ඉදි කළ ප්‍රවිෂ්ට ද්වාර වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය මල්වතු ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ මල්වතු මහවිහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේගේ සුරතින් ඊයේ (7) සිදු කෙරිණ.

අර්ධ ශෛලමය නිර්මාණයක් ලෙස මෙය ඉදි කර ඇති අතර, ඊට රුපියල් ලක්ෂ තුන්සියයකට ආසන්න මුදලක් වැය කර තිබේ. මොල්ලිගොඩ දෙගම්බද විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති, කළුතර මහදිශාවේ ප්‍රධාන සංඝනායක බෝපිටියේ ධම්මිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි නිර්මලා චන්ද්‍රිකා ජයවර්ධන ජයතිලක මහත්මිය ඇතුළු පවුලේ සැමගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙය ඉදි කර ඇත.

මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT