Friday, May 2, 2025
Home » මී වැස්සියන් 4ක් මස් කඩේට දැක්කූ ඩබලක් තෙබුවනදී දැලේ

මී වැස්සියන් 4ක් මස් කඩේට දැක්කූ ඩබලක් තෙබුවනදී දැලේ

by mahesh
November 8, 2024 1:00 am 0 comment

හල්තොට සමූහ - විනීතා මානෙල් ගමගේ

නීති විරෝධී අයුරින් බලපත්‍ර නොමැතිව හිංසාකාරී ලෙස ලොරි රථයකින් මීගව වැස්සියන් හතර දෙනකු ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනකු හා ඔත්තු බැලූ පුද්ගලයකු පෙරේදා (6) අත්අඩංගුවට ගත් බව තෙබුවන පොලිසිය පැවසීය.

සැකකරුවන් සමඟ ලොරි රථය සහ යතුරුපැදියක් ද පොලිසිය භාරයට ගෙන තිබේ. තෙබුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජරත්න ජයසුන්දර මහතාට ලද තොරතුරකට අනුව රාත්‍රී 7.30ට පමණ නිලධාරින් කණ්ඩායමක් සමඟ තෙබුවන හන්දියේ රැකවල් ලා සිටියදී යතුරුපැදියකට පිටුපසින් අදාළ ඩිමෝ බට්ටා ලොරි රථය පැමිණි බව පොලිසිය පවසයි.

යතුරුපැදිය හා ලොරි රථය නතර කර පරීක්ෂා කිරීමේදී ලොරි රථයේ හිංසාකාරී ලෙස ගැටගසා සිටි සතුන් හමුව ඇති අතර, ඔවුන්ට ප්‍රවාහන බලපත්‍ර නොතිබූ බවද පොලිසිය සඳහන් කළේය.

මෙම සතුන් තෙබුවන, කොස්කොළවත්ත ප්‍රදේශයෙන් සොරාගෙන බේරුවල ප්‍රදේශයට රැගෙන යන බව අනාවරණය වී තිබේ. බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයකු රියැදුරු ලෙස කටයුතු කර ඇති අතර, සහායක ලෙස කටයුතු කර ඇත්තේ තෙබුවන ප්‍රදේශයේ ද්‍රවිඩ පුද්ගලයෙකි. තෙබුවන ප්‍රදේශයේ ද්‍රවිඩ පුද්ගලයකු යතුරුපැදියෙන් ඉදිරියෙන් ගමන් කරමින් ඔවුන්ට ඔත්තු සපයා ඇති බවත් ඒ අනුව යතුරුපැදිය සමඟ ඔහුද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කීය.

තෙබුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජරත්න ජයසුන්දර, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ දිසානායක, පො.සැ. 61896 කරුණාරත්න ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT