Friday, May 2, 2025
Home » උඩමුල්ල සිංහ පදනමෙන් වෛද්‍ය සායනයක්

උඩමුල්ල සිංහ පදනමෙන් වෛද්‍ය සායනයක්

by mahesh
November 8, 2024 1:00 am 0 comment

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්තසිංහ

උඩමුල්ල සිංහ පදනම විසින් සංවිධානය කරනු ලැබූ බටහිර සහ දේශීය වෛද්‍ය සායනයක් උඩුමුල්ල පුරාණ ගල්ලෙන් විහාරස්ථ ධර්ම ශාලාවේදී පසුගියදා පැවැත්වුණි. උඩුමුල්ල පුරාණ ගල්ලෙන් විහාරාධිපති කැබිතිගොල්ලෑවේ චන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වූ, මෙම වෛද්‍ය සායනයේදී කායික හා වෛද්‍ය සායන, අක්ෂි සායන, දන්ත සායන, සුවනාරි සායන, රුධිරගත සීනි පරීක්ෂාව සහ දේශීය සහ බටහිර ඖෂධ ලබාදීමද සිදු කෙරුණි. ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශවල ජනතාවට නීරෝගි සෞඛ්‍ය තත්ත්වයක් උදාකර දීමේ අරමුණින් නොමිලේ පැවැත්වූ මෙම වෛද්‍ය සායනයට 400ක පමණ පිරිසක් සහභාගි වූ අතර විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් දේශීය හා බටහිර වෛද්‍යවරුන් සහ කාර්යමණ්ඩල විශාල පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT