ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, Biodiversity Sri Lanka හා එක්ව ‘Life to Our Coral Reefs’ ව්‍යාපෘතිය යටතේ අපේ දිවයින වටා ඇති වටිනා සමුද්‍ර පරිසර පද්ධති සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් මුලපිරීම නිවේදනය කළා. මෙය සිදු කෙරුණේ Spa Ceylon විසින් 2024 වර්ෂය සඳහා නොවැම්බර් 01 – 03 දක්වා කොළඹ One Galle Face Mall, Festive Gallery හිදී ‘Undersea Paradise’ නමින් සිය සුවිශේෂි Festive Gift Collection එක එළිදැක්වීමට නියමිත අතර, එය සමුද්‍ර පරිසර පද්ධති සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා විවිධ අත්දැකීම් ඇතුළත් වීම මුල් කරගනිමින්ද වීම විශේෂත්වයක්.
Spa Ceylon Undersea Paradise Limited Edition Festive Collection දුර්ලභ කොරල්පර, විශ්මිත ශාක මෙන්ම සත්ත්ව විශේෂවලින් පොහොසත්, සජීවී සමුද්‍ර පරිසර පද්ධතියක් සහිත අපගේ දිවයින වටා ඇති සාගරයේ ස්වාභාවික සුන්දරත්වයෙන් ආභාසය ලබා ඇත. Biodiversity Sri Lanka සඳහන් කරන පරිදි අපේ රට වටා කොරල් විශේෂ 200කට අධික ප්‍රමාණයක් සහ ගල්පර ආශ්රිත මත්ස්‍ය විශේෂ 900කට අධික ප්‍රමාණයක් සොයා ගන්නට ලැබෙනවා.
කොරල්පර යනු ලොව පුරා සාගරවලින් 1%කට වඩා අඩු ප්‍රමාණයක් ආවරණය වන විවිධ සහ සංවේදී පරිසර පද්ධතියක් වන අතර, එය සාගර සත්ත්ව විශේෂවලින් 25%කට සහස්ර ගණනාවක් පුරා නිවහනක්, ආරක්ෂාව සහ ආහාර ලබාදෙන පරිසර පද්ධතියක්ද වනවා. කෙසේ වෙතත්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, අධික ලෙස මසුන් ඇල්ලීම, සාගර දූෂණය සහ නියාමනය නොකළ සමුද්‍ර ගමනාගමනය වැනි අභියෝග දැනට මෙම වටිනා පරිසර පද්ධතියේ දිගුකාලීන තිරසරභාවයට සහ පැවැත්මට තර්ජනයක් වී තිබෙනවා.
සම-නිර්මාතෘ සහ සමූහ අධ්යක්ෂ ශලින් බාලසූරිය මහතා මේ ගැන අදහස් දක්වමින් “තිරසර බව, සංරක්ෂණය සහ සුවතාවය වෙනුවෙන් කැපවුණු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සන්නාමයක් විදියට අපේ මේ අරමුණ අපෙන් ඔබ්බට ගොස් අපව නඩත්තු කරන පරිසර පද්ධති දක්වා විහිදෙන බවට අපි විශ්වාස කරනවා. වසර ගණනාවක් පුරාවට Spa Ceylon අපි, අපේ රට තුළ පාරිසරික හේතු වෙනුවෙන් අඛණ්ඩව ප්රමුඛව කටයුතු කර තිබෙනවා. සාගර සංරක්ෂණය සඳහා අපේ කැපවීම, අපේ පරිසරය ආරක්ෂා කරන්නට වන හරිත හා සදාචාරාත්මක භාවිතවල දිගුවක් විදියට හඳුන්වා දෙන්නට පුළුවන්. කොරල්පර ආරක්ෂා කිරීම කියන්නේ අපි අපේ පෘථිවියේ පැවැත්ම සඳහා කරන ආයෝජනයක් වගේම, එය අපේ යහපැවත්මටත් කරන ආයෝජනයක් ලෙස පැවසුවා.