Home » Sithara Limited ජාතික කර්මාන්ත මණ්ඩල සම්මාන දිනයි

Sithara Limited ජාතික කර්මාන්ත මණ්ඩල සම්මාන දිනයි

by damith
November 9, 2024 1:06 am 0 comment

මුද්‍රණ තීන්ත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Sithara Limited ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමට සංවිධාන කළ Achievers Awards 2024 සම්මාන උලෙළේදී මහා පරිමාණ අංශයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. මූල්‍ය, නිෂ්පාදනය, මානව සම්පත් කළමනාකරණය, බෙදා හැරීම, නිෂ්පාදන සංවර්ධනය, පර්යේෂණ සහ සංවර්ධන වැනි සෑම අංශයක්ම ආවරණය වන නිර්ණායක පදනම් කර ගනිමින් සම්මානලාභීන් තෝරා ගෙන තිබිණි.

විදේශ විනිමය රටින් පිටට ගලා යාම අවම කිරීමේ අරමුණද පෙරදැරිව 1964දී ආරම්භ වූ එම සමාගම පර්යේෂණ සහ සංවර්ධන අංශ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වයි. නිරන්තරයෙන් නවීන තාක්ෂණය සමඟ මුසු වෙමින් සිය නිෂ්පාදන ක්‍රියාවලිය යාවත්කාලීන කරන එම සමාගම වර්තමානයේදී මුද්‍රණ තීන්ත වර්ග රැසක් හඳුන්වා දී ඇත. මෙරට විශාලම මුද්‍රණ තීන්ත නිෂ්පාදන එකතුව එම සමාගම සතුවීම සුවිශේෂ කරුණකි.

නවීන තාක්ෂණයට සහ ගුණාත්මකභාවයට ප්‍රමුඛතාව දෙමින් කටයුතු කරන Sithara Limited පසුගිය කාලය පුරා දේශීය සහ ජාත්‍යන්තර සම්මාන සහ තත්ත්ව සහතික රැසකින් පිදුම් ලබා තිබේ. Achievers Awards කුසලතා සම්මාන, ISO 9001 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන ඒ අතරින් ප්‍රධාන වේ.

කාබන් විමෝචනය අවම කිරීම සඳහාද එම සමාගම විශාල කාර්යභාරයක් සිදු කර ඇත. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) එච්. බී. ආනන්දරත්න මහතා පැවසුවේ එකම අරමුණක් කරා කැපවීමෙන් යුතුව කටයුතු කරන කණ්ඩායමක් ලෙස ලැබූ මෙම ජයග්‍රහණය සමාගමේ ඉදිරි ගමනට විශාල ශක්තියක් බවයි. එහි සැබෑ හිමිකරුවන් වන්නේ සෑම මට්ටමක්ම නියෝජනය කරන ආයතනයේ කාර්ය මණ්ඩලය බවද ඔහු පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT