Home » නවතම රේන්බෝ පේජස් ප්‍රධාන දැන්වීම්කරුවකු බවට ටී. ජේ. එන්ටර්ප්‍රයිසස් පත්වෙයි

නවතම රේන්බෝ පේජස් ප්‍රධාන දැන්වීම්කරුවකු බවට ටී. ජේ. එන්ටර්ප්‍රයිසස් පත්වෙයි

by damith
November 9, 2024 1:05 am 0 comment

මෙරට කාර්මික උපකරණ, ද්‍රව්‍ය හැසිරවීමේ උපකරණ, දියර හැසිරවීමේ පොම්ප සහ විදුලි ගොල්ෆ් වාහන ආදිය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන ටී. ජේ. එන්ටර්ප්‍රයිසස් (පුද්.) සමාගම (T-Jay Enterprises), ඉදිරියේදී නිකුත් වීමට නියමිත SLT-MOBITEL විසින් ප්‍රකාශයට පත්කරනු ලබන 2024/25 රේන්බෝ පේජස් ජාතික ව්‍යාපාර නාමාවලියේ ප්‍රධානතම දැන්වීම්කරුවන් 20 දෙනා අතරට එක් වී සිටියි. අලෙවිකරණ ප්ලැට්ෆෝම් එකක් ලෙස රේන්බෝ පේජස් ජාතික ව්‍යාපාර නාමාවලියේ වැදගත්කම වටහා ගනිමින්, එහි ප්‍රධානතම සේවාදායකයකු බවට පත්වීමට ටී. ජේ. එන්ටර්ප්‍රයිසස් (පුද්.) සමාගම තීරණය කර ඇත. මෙම වසර අවසානයේදී නිකුත් වීමට නියමිත රේන්බෝ පේජස් ජාතික ව්‍යාපාර නාමාවලිය, මෙරට පළවන වඩාත්ම පුළුල් සහ යාවත්කාලීන කරන ලද ව්‍යාපාර නාමාවලියයි. දැන්වීම්කරණ ගිවිසුම යටතේ ටී. ජේ. එන්ටර්ප්‍රයිසස් (පුද්.) සමාගමට අලෙවිකරණ හා ප්‍රචාරණ සේවා රැසක් හිමිවනු ඇති අතර, ඩිජිටල් අලෙවිකරණ ක්‍රමෝපාය, අන්තර්ජාල විසඳුම්, විද්‍යුත් වාණිජ සේවා, Shopping Cart පහසුකම් සහ අන්තර්ගත නිර්මාණකරණ සේවා ඇතුළු සේවා රාශියක් ඊට ඇතුළත් වනු ඇත.

SLT-MOBITEL සමූහයට අනුබද්ධ ශ්‍රී ලංකා ටෙලිකොම් (සර්විසස්) ලිමිටඩ් (SLT-SERVICES) මඟින් කළමනාකරණය කරනු ලබන රේන්බෝ පේජස් ජාතික ව්‍යාපාර නාමාවලිය, විශේෂයෙන්ම මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට බෙහෙවින් වැදගත්වන සේවා රැසක් ලබාදෙයි. එම ව්‍යාපාර නාමාවලිය අන්තර්ජාලය ඔස්සේ ද, විද්‍යුත් ග්‍රන්ථයක් ලෙස ද, ඇමතුම් මධ්‍යස්ථානය හරහා මෙන්ම මුද්‍රිත ග්‍රන්ථයක් ලෙස පරිශීලනය කළ හැකිය. රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන ඇතුළුව විවිධ ව්‍යාපාරික හා ව්‍යාපාරික නොවන ආයතන 6,000කට අධික සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු මීට ඇතුළත් වන අතර, දිනකට එය මාර්ගගත සෙවුම් 10,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කරයි.

රේන්බෝ පේජස් නාමාවලියේ තවත් එක් විශේෂත්වයක් වන්නේ නිවැරදි හා තහවුරු කරන ලද තොරතුරු සඳහන් වීමය. මෙමඟින් පරිශීලකයන්ට තමන්ට අවශ්‍ය තොරතුරු වඩාත් විශ්වාසනීය ලෙස සොයාගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය (Search Engine Optimization) (SEO) ක්‍රමවේදය හේතුවෙන් අන්තර්ජාලය තුළ වඩාත් හොඳින් තොරතුරු දෘශ්‍යමාන වන නිසා එය දැන්වීම්කරුවන්ට බෙහෙවින් වාසිදායක ය. තවද මෙම නාමාවලියේ ලැයිස්තුගත වීම රජයේ ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීමට සුදුසුකමක් වන නිසා එය අදාළ ව්‍යාපාරවල වර්ධනයට සුවිශේෂී අවස්ථා උදාකර දෙන සාධකයක් ද වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT