Sunday, May 11, 2025
Home » සුජී­වගේ නිවෙ­සින් ඇල්ලූ සුපිරි රිය රස පරී­ක්ෂ­කට යවන්න නියෝග

සුජී­වගේ නිවෙ­සින් ඇල්ලූ සුපිරි රිය රස පරී­ක්ෂ­කට යවන්න නියෝග

මන්ත්‍රී වාහන බල­පත් අනුව ගෙනා බව කිය­මින් ලියා­ප­දිං­චි­යට අදාළ ලිය­විලි නීති­ඥ­වරු උසා­වි­යට ඉදි­රි­පත් කරති

by damith
November 9, 2024 1:03 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

සමගි ජන බල­වේ­ගයේ ජාතික සංවි­ධා­යක හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේන­සිංහ මහතා කළු පැහැති V8 වර්ගයේ වාහ­න­යක් එක­ලස් කළ බවට ලද තොර­තු­රක් මත එම විම­ර්ශ­න­යට අදා­ළව ප්‍රශ්න­ගත වාහ­නය වැඩි­දුර පරී­ක්ෂා­වට රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යොමු කරන ලෙසත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මහ­ජන පැමි­ණිලි අංශය කළ ඉල්ලී­මට කොටුව මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි මහ­ත්මිය ඊයේ (8) අව­සර ලබා දුන්නාය.

එම වාහ­නය අධි­ක­ර­ණ­යෙන් ලද සෝදිසි වරෙ­න්තු­ව­කට අනුව පරීක්ෂා කළ බවත් එම පරී­ක්ෂා­වට මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ පරී­ක්ෂ­ක­ව­රුන් දෙදෙ­නකු ගෙන ගිය බවත් කියා සිටි පොලි­සිය එහිදී අනා­ව­ර­ණය කර ගැනී­මට නොහැකි වූ කරුණු අනා­ව­ර­ණය කර ගැනීම සඳහා රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යොමු කරන ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

එම ඉල්ලීම සම්බ­න්ධ­යෙන් දීර්ඝ කරුණු දැක්වී­මක් සිදු කළ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර පොලිස් අධි­කාරි මියිදු අබේ­සිංහ මහතා සහ මහ­ජන පැමි­ණිලි අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක තුසිත කහ­ගල්ල මහතා විම­ර්ශන ප්‍රග­තිය සඳ­හ­නක් කර­මින් දීර්ඝ විස්ත­ර­යක් අධි­ක­ර­ණය හමුවේ කියා සිටි­මින් ඊට අදාළ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටි­යේය.

එහිදි සුජීව සේන­සිංහ මහතා වෙනු­වෙන් කරුණු දක්ව­මින් එම වාහ­නය රුපි­යල් මිලි­යන 100ක ආසන්න වටි­නා­ම­කින් යුක්ත වාහ­න­යක් බවත් ඊට අලා­භ­යක් සිදු වුව­හොත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වග­කීම භාර­ගත යුතු බවත් කිය­මින් පොලිස් ආර­ක්ෂාව යටතේ රජයේ රස පරි­ක්ෂක වෙත තම රියැ­දු­රකු ලවා ගෙන යාමට අව­සර ලබා දෙන ලෙස ජනා­ධි­පති නීතිඥ මෛත්‍රී ගුණ­රත්න මහතා අධි­ක­ර­ණ­යෙන් සිදු කළ ඉල්ලී­මට මහේ­ස්ත්‍රා­ත්ව­රිය අව­සර ලබා දුන්නාය.

මෝස­මක් ගොනු කර­මින් ප්‍රශ්න­ගත වාහ­නය තිබූ පිහි­ටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජීව සේන­සිංහ මහ­තාට අයත් කොල්ලු­පි­ටිය පිහිටි නි‍ෙව­සට ගොස් අධි­ක­ර­ණ­යෙන් ලද සෝදිසි වරෙ­න්තුව අනුව පරීක්ෂා කළ බව පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණූ දක්ව­මින් කියා සිටි­යේය.

එම විම­ර්ශ­නය සිදු කරනු ලැබුවේ පාණ­දුර වලාන දූෂණ මර්දන ඒක­ක­යෙන් බවත් මේ වන­විට පොලි­ස්ප­ති­ව­ර­යාගේ උප­දෙස් ප්‍රකා­රව එම විම­ර්ශන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාර­යට ගත් බවත් මහ­ජන පැමි­ණිලි දෙපා­ර්ත­මේ­න්තුවේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක තුසිත කහ­ගල්ල මහතා අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

එම නි‍ෙවසේ එල්ටී­ටීඊ නිල ඇඳුම් සහ එක­ලස් කරන ලද වාහ­න­යක් ඇති බවට ලද තොර­තු­රක් අනුව විම­ර්ශන ආරම්භ කරනු ලැබුවා. එම සෝදිසි වරෙ­න්තුව ප්‍රකා­රව පසු­ගිය 07 වැනිදා අධි­ක­ර­ණ­යට වාර්තා­වක් ඉදි­රි­පත් කරනු ලැබුවා. ඊට අදා­ළව එම නි‍ෙවසේ සිටි ආර­ක්ෂක නිල­ධා­රියා සහ සුජීව සේන­සිංහ යන අය­ගෙන් ප්‍රකාශ සට­හන් කර­ගත්තා. මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ පරී­ක්ෂ­ක­ව­රුන් දෙදෙ­නෙක් එම රථය පරීක්ෂා කළා යැයි කී තුසිත කහ­ගල්ල මහතා ඉදිරි විම­ර්ශන සඳහා රථය රජයේ රස පරී­ක්ෂ­ක­ව­ර­යාට යොමු කරන ලෙස ඉඅ­ධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

එහිදී අද­හස් දක්ව­මින් සුජීව සේන­සිංහ මහතා වෙනු­වෙන් අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් ජනා­ධි­පති නීතිඥ කේ. කාසීම් මහතා සහ මෛත්‍රී ගුණ­රත්න මහතා ප්‍රමුඛ නීතිඥ මඬුල්ල කියා සිටියේ මේ වාහ­නය නීත්‍ය­නු­කූල අයු­රින් ඔහුට හිමි පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුර­යට ලැබුණූ බල­ප­ත්‍රය යටතේ ගෙනා එකක් බවය. එල්ටී­ටීඊ ඇඳුම් සොයන්න ආපු පොලී­සි­යට එක ඇඳු­ම­ක්වත් සොයා ගන්න බැරි­වුණා. නි‍ෙවසේ තිබූ කාර් එක සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කර­නවා. මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව රේගුව සතුව මීට අදාළ සියලු ලියා­ප­දිංචි තිබෙ­නවා. ටොයෝටා ලංකා සමා­ගම පරීක්ෂා කළත් ඒවා සොයා ගන්න පුළු­වන්. අප සතුව ඇති ලියා­ප­දිං­චි­යට අදාළ ලිය­විලි ඉදි­රි­පත් කර­නවා යැයිද නීතිඥ මඬුල්ල අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය. සමගි ජන බල­වේ­ගයේ ජාතික සංවි­ධා­ය­ක­ව­රයා ලෙස මහ­මැ­ති­ව­ර­ණ­යට අදා­ළව සිදු කරන මෙහෙ­යුම් කට­යුතු අඩාළ කරන්න ගන්නා වෑය­මක්. මගේ සේවා දායක සුජීව සේන­සිංහ මහතා රටේ පිළි­ගත් දේශ­පා­ල­න­ඥ­යෙක්. අපි මේ විම­ර්ශ­න­යට පූර්ණ සහාය දුන්නා අපේ දේශ­පා­ලන කට­යුතු පවා දින 7ක් තිස්සේ කර­ගත නොහැකි වුණා. අපි හිතුවේ සිස්ටම් චේන්ජ් එකක් කියා. මේ සිදු කරන්නේ පළි­ගැ­නීම්. අපි රථය ගෙනත් දෙන්නම්. මැති­ව­ර­ණය වෙනු­වෙන් අව­ලා­ද­යක් අප­හා­ස­යක් ගේන්න සිදු කරන පරී­ක්ෂ­ණ­යක් යැයි කී නීතිඥ මඬුල්ල මේ චෝදනා මෝටර් රථ ආඥ පන­තට හෝ රේගු ආඥා පනත යට­තට ගැන්නේ නැතැයි කීය. සියලු කරු­ණු­ව­ලට සව­න්දුන් මහේ­ස්ත්‍රා­ත්ව­රිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඉල්ලා සිටි ඉල්ලී­ම්ව­ලට අව­සර ලබා දුන්නාය.

එම නඩුව විවෘත අධි­ක­ර­ණයේ කැඳ­වන අව­ස්ථා­වේදී සුජීව සේන­සිංහ මහතා ද අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යේය.

පරීක්ෂා කර විම­ර්ශන කඩි­න­මින් සිදු කර අධි­ක­ර­ණ­යට වාර්තා කරන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT