සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා කළු පැහැති V8 වර්ගයේ වාහනයක් එකලස් කළ බවට ලද තොරතුරක් මත එම විමර්ශනයට අදාළව ප්‍රශ්නගත වාහනය වැඩිදුර පරීක්ෂාවට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (8) අවසර ලබා දුන්නාය.
එම වාහනය අධිකරණයෙන් ලද සෝදිසි වරෙන්තුවකට අනුව පරීක්ෂා කළ බවත් එම පරීක්ෂාවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන් දෙදෙනකු ගෙන ගිය බවත් කියා සිටි පොලිසිය එහිදී අනාවරණය කර ගැනීමට නොහැකි වූ කරුණු අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සම්බන්ධයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මියිදු අබේසිංහ මහතා සහ මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත කහගල්ල මහතා විමර්ශන ප්‍රගතිය සඳහනක් කරමින් දීර්ඝ විස්තරයක් අධිකරණය හමුවේ කියා සිටිමින් ඊට අදාළ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
එහිදි සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් කරුණු දක්වමින් එම වාහනය රුපියල් මිලියන 100ක ආසන්න වටිනාමකින් යුක්ත වාහනයක් බවත් ඊට අලාභයක් සිදු වුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගකීම භාරගත යුතු බවත් කියමින් පොලිස් ආරක්ෂාව යටතේ රජයේ රස පරික්ෂක වෙත තම රියැදුරකු ලවා ගෙන යාමට අවසර ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය.
මෝසමක් ගොනු කරමින් ප්‍රශ්නගත වාහනය තිබූ පිහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් කොල්ලුපිටිය පිහිටි නිෙවසට ගොස් අධිකරණයෙන් ලද සෝදිසි වරෙන්තුව අනුව පරීක්ෂා කළ බව පොලිසිය අධිකරණයට කරුණූ දක්වමින් කියා සිටියේය.
එම විමර්ශනය සිදු කරනු ලැබුවේ පාණදුර වලාන දූෂණ මර්දන ඒකකයෙන් බවත් මේ වනවිට පොලිස්පතිවරයාගේ උපදෙස් ප්‍රකාරව එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බවත් මහජන පැමිණිලි දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත කහගල්ල මහතා අධිකරණයට දන්වා සිටියේය.
එම නිෙවසේ එල්ටීටීඊ නිල ඇඳුම් සහ එකලස් කරන ලද වාහනයක් ඇති බවට ලද තොරතුරක් අනුව විමර්ශන ආරම්භ කරනු ලැබුවා. එම සෝදිසි වරෙන්තුව ප්‍රකාරව පසුගිය 07 වැනිදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා. ඊට අදාළව එම නිෙවසේ සිටි ආරක්ෂක නිලධාරියා සහ සුජීව සේනසිංහ යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන් දෙදෙනෙක් එම රථය පරීක්ෂා කළා යැයි කී තුසිත කහගල්ල මහතා ඉදිරි විමර්ශන සඳහා රථය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන ලෙස ඉඅධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී අදහස් දක්වමින් සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ කේ. කාසීම් මහතා සහ මෛත්‍රී ගුණරත්න මහතා ප්රමුඛ නීතිඥ මඬුල්ල කියා සිටියේ මේ වාහනය නීත්‍යනුකූල අයුරින් ඔහුට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ලැබුණූ බලපත්‍රය යටතේ ගෙනා එකක් බවය. එල්ටීටීඊ ඇඳුම් සොයන්න ආපු පොලීසියට එක ඇඳුමක්වත් සොයා ගන්න බැරිවුණා. නිෙවසේ තිබූ කාර් එක සම්බන්ධයෙන් විමර්ශන කරනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රේගුව සතුව මීට අදාළ සියලු ලියාපදිංචි තිබෙනවා. ටොයෝටා ලංකා සමාගම පරීක්ෂා කළත් ඒවා සොයා ගන්න පුළුවන්. අප සතුව ඇති ලියාපදිංචියට අදාළ ලියවිලි ඉදිරිපත් කරනවා යැයිද නීතිඥ මඬුල්ල අධිකරණයට දන්වා සිටියේය. සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා ලෙස මහමැතිවරණයට අදාළව සිදු කරන මෙහෙයුම් කටයුතු අඩාළ කරන්න ගන්නා වෑයමක්. මගේ සේවා දායක සුජීව සේනසිංහ මහතා රටේ පිළිගත් දේශපාලනඥයෙක්. අපි මේ විමර්ශනයට පූර්ණ සහාය දුන්නා අපේ දේශපාලන කටයුතු පවා දින 7ක් තිස්සේ කරගත නොහැකි වුණා. අපි හිතුවේ සිස්ටම් චේන්ජ් එකක් කියා. මේ සිදු කරන්නේ පළිගැනීම්. අපි රථය ගෙනත් දෙන්නම්. මැතිවරණය වෙනුවෙන් අවලාදයක් අපහාසයක් ගේන්න සිදු කරන පරීක්ෂණයක් යැයි කී නීතිඥ මඬුල්ල මේ චෝදනා මෝටර් රථ ආඥ පනතට හෝ රේගු ආඥා පනත යටතට ගැන්නේ නැතැයි කීය. සියලු කරුණුවලට සවන්දුන් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි ඉල්ලීම්වලට අවසර ලබා දුන්නාය.
එම නඩුව විවෘත අධිකරණයේ කැඳවන අවස්ථාවේදී සුජීව සේනසිංහ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
පරීක්ෂා කර විමර්ශන කඩිනමින් සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.