Home » කොල්ල­කෑම් හා අප­රාධ රැස­කට හවුල් බැංග­ලෝරා නාරා­හේ­න්පි­ටදී අල්ලාගනී

කොල්ල­කෑම් හා අප­රාධ රැස­කට හවුල් බැංග­ලෝරා නාරා­හේ­න්පි­ටදී අල්ලාගනී

by damith
November 9, 2024 1:04 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ
  • මෙහෙ­යු­මට පොලී­සියේ 17ක්
  • පොලී­සි­යට පිහි­යෙන් අනින්න හදලා
  • දැඩි රැක­වල් මැද සැක­කරු හා පොලී­සියේ තුන් දෙනෙක් එකම රෝහලේ

කොල්ල­කෑම් ඇතුළු අප­රාධ රැස­කට සම්බ­න්ධව පොලීසි කීප­ය­කට අව­ශ්‍යව සිටි ‘බැංග­ලෝරා“ නමැති සැක­කරු පෙරේදා (7) රාත්‍රී දැඩි පරි­ශ්‍ර­ම­යක් යොදා අත්අ­ඩං­ගු­වට ගත් බව නාරා­හේ­න්පිට පොලී­සිය කියයි.

සැක­කරු සන්ත­කයේ තිබී හෙරො­යින් මත්කුඩු මිලි­ග්‍රෑම් 10,650ක් ද පොලිස් භාර­යට ගෙන ඇත. සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට යාමේදී ඇතිවූ ගැටු­මෙන් පොලිස් නිල­ධා­රීන් තිදෙ­නකු තුවාල ලබා රෝහ­ල්ග­ත­කර ඇති බවද පොලී­සිය කියයි.

නාරා­හේ­න්පිට පොලිස් වසමේ සිදු වූ රුපි­යල් ලක්ෂ 7ක මුද­ලක් ඇතුළු කොල්ල­කෑම් කීප­ය­කට අව­ශ්‍යව සිටි බැංග­ලෝරා නමැත්තා බොරැල්ල මැනීං­ට­වුන් නි‍ෙව­සට පැමිණ සිටින බවට පොලී­සි­යට ලද තොර­තු­ර­කට අනුව පෙරේදා (07) රාත්‍රී පොලිස් නිල­ධා­රීන් 17 දෙනෙ­කු­ගෙන් යුත් පිරි­සක් එම නි‍ෙවස වටලා සැක­කරු අත්අ­ඩං­ගු­වට ගත් බව පොලී­සිය කියයි.

නි‍ෙවසේ මුළු­තැ­න්ගෙයි පිට­තට පැන යෑමට තැත් කළ සැක­කරු පිටත සිටි පොලිස් නිල­ධා­රීන්ට තියුණු ආයු­ධ­ය­කින් ඇන පලා­යා­මට තැත් කිරී­මේදී කොන්ක්‍රීට් තට්ටු­වක් මත වැටී ඇති අතර එම අව­ස්ථා­වේදී අත තිබූ තියුණු ආයු­ධය විසිවී ඇති අතර සෙසු පොලිස් නිල­ධා­රීන් විසින් දැඩි පරි­ශ්‍ර­ම­යක් දරා සැක­කරු මෙල්ල කර අත්අ­ඩං­ගු­ව­ට­ගෙන ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් මෙම සැක­කරු තවත් පුද්ග­ල­යකු සමඟ එක්ව ඉකුත් පෙබ­ර­වාරි මස 20 වැනි දින නාරා­හේ­න්පිට දාබරේ මාවතේ කිරි­හ­ල­කට කඩා­වැදී එහි හිමි­කා­රි­යගේ සැමියා වූ නාවික හමුදා පාලක ප්‍රධාන නිල­ධා­රි­යාගේ (කොමි­ෂන් නොලත් නිල­ධාරී) ගෙල ප්‍රදේ­ශ­යට විශාල ප්‍රමා­ණයේ මිටි­යක් තබා බිය ගන්වා බැංකු ගත කිරී­මට සූදා­නම් කර තිබූ රුපි­යල් ලක්ෂ 7ක මුද­ලක් කොල්ලකා තිබූ බව පොලී­සිය කියයි.

මිරි­හාන පොලිස් වසමේ ඉන්ධන පිර­වුම් හලක් කොල්ල­කෑම, කරන්න පොලිස් වසමේ පුද්ග­ල­යන් කිහි­ප­දෙ­නෙ­කුට මර­ණීය තර්ජ­නය කිරීම, නාර­හේ­න්පිට පොලිස් වසමේ පුද්ග­ල­යන් කීප දෙන­කුට පහර දීම සහ මර­ණීය තර්ජ­නය කිරීම සම්බ­න්ධ­යෙන් ද මෙම සැක­කරු චෝදනා ලැබ ඇතැයි ද පොලී­සිය සඳ­හන් කරයි.

තුවාල ලද පොලිස් නිල­ධා­රීන් තිදෙනා කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර සැක­කරු ද තුවාල ලබා එම රෝහ­ලේම වාට්ටු අංක 72 පොලිස් ආර­ක්‍ෂාව මධ්‍යයේ ප්‍රති­කාර ලබන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

40 හැවි­රිදි මෙම සැක­කරු බොරැල්ල ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙකි. නරා­හේ­න්පිට පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අකිල රණ­සිංහ මහ­තාගේ උප­දෙස් මත එහි අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක පී.අයි. හෙට්ටි­ආ­රච්චි මහතා ඇතුළු කණ්ඩා­ය­මක් පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT