Home » ප්‍රියත් බන්දු ඇතුළු විත්ති­ක­රු­වන්ට එරෙහි අධිචෝදනා සංශෝ­ධ­න­යට අව­සර ලැබේ
මහින්ද රාජ­ප­ක්ෂගේ ජන­ප­ති­ව­රණ කට­යු­තු­ව­ලට වරාය සේව­ක­යන් යොදවා කෝටි හය­හ­මා­ර­කට වඩා ගෙවීම:

ප්‍රියත් බන්දු ඇතුළු විත්ති­ක­රු­වන්ට එරෙහි අධිචෝදනා සංශෝ­ධ­න­යට අව­සර ලැබේ

by damith
November 9, 2024 1:03 am 0 comment

චන්දන ජය­වීර

වරාය අධි­කා­රියේ හිටපු සභා­පති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු විත්ති­ක­රු­වන් තිදෙ­න­කුට එරෙ­හිව ගොනු­කර ඇති අල්ලස් නඩුව ලබන ජන­වාරි 23දා විභාග කිරී­මට කොළඹ මහා­ධි­ක­ර­ණය දින නියම කළේය.

කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු ආදිත්‍ය පට­බැ­ඳිගේ මහතා ඉදි­රියේ ඊයේ (08දා) නඩුව කැඳවූ අව­ස්ථාවේ විත්ති­ක­රු­වන්ට එරෙ­හිව ඉදි­රි­පත් කර තිබූ අධි­චෝ­දනා පත්‍ර­වල ගොනු­කර තිබූ ඇතැම් චෝදනා තව­දු­ර­ටත් ක්‍රියා­ත්මක නොකි­රී­මට අද­හස් කරන බැවින් අධි­චෝ­දනා සංශෝ­ධ­නය කිරී­මට පැමි­ණිල්ල අව­සර ඉල්ලා සිටි­යේය.

කරුණු සලකා බැලූ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා අධි­චෝ­දනා පත්‍රය සංශෝ­ධ­නය කිරී­මට අව­සර දුන්නේය. ඒ අනුව පැමි­ණිල්ලේ පළමු සාක්ෂි­ක­රුට ලබන නඩු දින­යේදී අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටී­මට සිතාසි නියම විය. වරාය අධි­කා­රියේ හිටපු සභා­ප­ති­ව­රුන් දෙදෙ­නකු වන ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම සහ කපි­තාන් නිහාල් කැප්පෙ­ටි­පොළ ඇතුළු තිදෙ­න­කුට එරෙ­හිව පනවා ඇති අල්ලස් නඩුව විභා­ග­යට ගත් අව­ස්ථාවේ විනි­සු­රු­ව­රයා මෙම දැනුම් දීම කළේය.

2014 වසරේ සැප්තැ­ම්බර් 30 වැනිදා සිට 2015 වසරේ ජන­වාරි 07දා දක්වා කාලය තුළ වරාය අධි­කා­රියේ නිල­ධා­රීන් ලෙස කට­යුතු කර­මින් ආය­ත­න­යට හිතා­ම­තාම අයුතු පාඩු කිරීම ඇතුළු චෝදනා 10ක් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් මෙම නඩුව පව­රනු ලැබීය.

2015 ජනා­ධි­ප­ති­ව­ර­ණය අව­ස්ථාවේ වරාය අධි­කා­රියේ සේව­ක­යන් 319 දෙනකු නිල රාජ­කා­රි­ව­ලින් බැහැ­රව ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කළ මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රචා­රක කට­යු­තු­වල යොදවා ඔවුන්ට වැටුප් හා අති­කාල දීමනා ලෙස හය­කෝටි පන­ස්ලක්ෂ අට­ද­හස් එක­සිය තුනක් ගෙවීම මඟින් අධි­කා­රි­යට පාඩු සිදු­කි­රීමේ වර­දට නඩු පැව­රීම සිදු­කර තිබේ.

දණ්ඩ නීති සංග්‍ර­හයේ 113 (ආ) සහ 102 යන වගන්ති යටතේ සහ අල්ලස් හෝ දූෂණ පනතේ 1994 අංක 20, 2018 අංක 22 දරන පනත් යටතේ මෙම නඩු පැව­රීම සිදු­කර ඇත.

සාක්ෂි­ක­රු­වන් 90ක් හා නඩු 17ක් පැමි­ණිල්ල විසින් ගොනු­කර ඇත. විත්ති­ක­රු­වන්ට ලක්ෂ 75ක ශරීර ඇප දෙකක් මත ඇප හිමිව තිබේ. නොවැ­ම්බර් 8දා නඩුව යළි කැඳ­වී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT