Home » අන්ත­ර්ජා­ලයේ මුදල් වංචා­වක් මෙහෙ­යවූ යුක්රේන ළමයි දෙන්නාට ඇප

අන්ත­ර්ජා­ලයේ මුදල් වංචා­වක් මෙහෙ­යවූ යුක්රේන ළමයි දෙන්නාට ඇප

by damith
November 9, 2024 1:04 am 0 comment

කල්පනි අබේ­සිංහ

වාණිජ බැංකු­වක 35 වැනි සංව­ත්ස­රය වෙනු­වෙන් දිනුම් ඇදී­මක් පව­තින බවට දැන්වී­මක් පළ කර අන්ත­ර්ජා­ලය ඔස්සේ රුපි­යල් (1,810,000) දහ­අ­ට­ලක්ෂ දහ­දා­හක වංචා­වක් සිදු කළැයි කියන සිද්ධි­යට අදා­ළව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටි අවු­රුදු 17ක් වය­සැති යුක්රේන ජාතික ළමයි දෙදෙනා රුපි­යල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇත මත මුදා­හැ­රී­මට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අග­ති­යට පත් පාර්ශ්වය සඳහා මස­කට ලක්ෂ තුන බැගින් මුදල් ගෙවී­මට ඔවුන්ට ඊයේ (8) නියෝග කළේය.

මෙම සැක­ක­රු­වන් දෙදෙනා මෙම වංචාව සඳහා අග­ති­යට පත් පාර්ශ්ව­යට අදාළ මුදල් ප්‍රමා­ණය සම්පූ­ර්ණම ගෙවා නිම වන තෙක් විදේශ ගමන් බල­ප­ත්‍රය තහ­නම් කරන ලෙස­ටද මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය. අවු­රුදු 17ක් වය­සැති යුක්රේන ජාතික ලියු­බෝමි සිවිට් (Liubomyr shvets) සහ නිකිට අර්හු­නෝව් (Nikita urhunov) යන බාල­ව­ය­ස්කාර පිරිමි දරු­වන් දෙදෙ­නෙකු මෙලෙස ඇප­මත මුදා­හැ­රී­මට නියෝග කරනු ලැබු­වේය. මෙම සිද්ධිය හා සම්බ­න්ධව පැමි­ණිලි දෙකක් මෙම සැක­ක­රු­වන්ට තිබෙන බවත් ඊට අදාළ සිය­ලුම ගෙවීම් අග­ති­යට පත් පාර්ශ්ව­යට ලබා­දීම සඳහා අවශ්‍ය පිය­වර ගැනී­මට සැක­ක­රු­වන්ට අව­වාද ලබා දෙන ලෙස සැක­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රුන්ට මහේ­ස්ත්‍රා­ත්ව­රයා දැන්වීය. පෞද්ග­ලික බැංකු­වල ඇති ස්ථිර ආයෝ­ජන තැන්ප­තු­ව­ලින් ගැනු­ම්ක­රු­වන්ගේ මුදල් ක්‍රිප්ටො කරන්සි ක්‍රම­යට වංචා කරන බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙම සිද්ධි­යට අදා­ළව මෙම සැක­ක­රු­වන් ලංකා­වට පැමි­ණී­මට පෙර යුක්රේ­නයේ සිට මෙම ව්‍යාජ ජාවා­රම පව­ත්වා­ගෙන ගොස් තිබෙන බවත් ඒ සඳහා ශ්‍රී ලාංකි­ක­යන් කිහිප දෙනෙකු ද සම්බන්ධ වී ඇති බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් කරන ලද පැමි­ණිල්ල සලකා බැලී­මෙන් අන­තු­රුව තව­දු­ර­ටත් විම­ර්ශන කට­යුතු සිදු­කි­රීම සඳහා අධි­ක­ර­ණය විසින් මෙම නියෝ­ගය ලබා දෙන ලදි. මෙම සැක­ක­රු­වන් දෙදෙනා ලංකා­වට ඒමට පෙර බැංකු ගිණුම් නිර්මා­ණය කර ජාවා­රම ක්‍රියා­ත්මක කර තිබූ බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

සිද්ධි­යට අදාළ සැක­ක­රු­වන් දෙදෙ­නාගේ ගුවන් ගමන් බල­පත්‍ර අධි­ක­ර­ණයේ භාර­යට ගන්නා ලෙසද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය . මෙම විදෙස් ජාති­ක­යන් දෙදෙනා හොටෙල් පැර­ඩ­යිස් කුරු­ඳු­වත්ත දෙණි­යාය ප්‍රදේ­ශයේ පදිංචි වී සිටි බවද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. ගනේ­මුල්ල පාර කඩ­වත දෝන අයෝමා කාංචනී බෝතේජු යන කාන්තාව විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශයේ අන්ත­ර්ජාල ආවේ­ක්ෂණ හා බුද්ධි ඒක­ක­යට ඉකුත් 27 දින කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව මෙම සිද්ධිය අධි­ක­ර­ණ­යට යොමු කිරී­මෙන් අන­තු­රුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය ලබා දුනි.

Facebook සමාජ මාධ්‍ය හරහා වාණිජ බැංකු­වක 35 වැනි සංව­ත්ස­රය වෙනු­වෙන් දිනුම් ඇදී­මක් පව­තින බවට දැන්වී­මක් පළ කර තිබූ බවත්, එම දිනුම් ඇදී­මට ඇතුළු වීමට අන්ත­ර්ජා­ලය ඔස්සේ පිය­ව­ර­යන් අනු­ග­ම­නය කිරී­මට තිබූ බවද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT